EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast Pageබැංකු මංකොල්ලය
හායි යාළුවනේ
ඔන්න අදත් මම අරගෙන ආවා කන්නඩ සිනමාවෙන් 2025 නොවැම්බර් 28 වන දින නිකුත්වුණු Bank Of Bhagyalakshmi කියන හාස්‍යජනක ත්‍රාසජනක සිනමා නිර්මාණයට උපසිරැසි අරගෙනයි
පැය 2.විනාඩි 31 ක් පුරාවට දිගහැරන මේ සිනමා නිර්මාණයේ කතා වස්තුව සාරාංශව කෙටියෙන් මම ඔයාලට කියන්නම්
2019 දී පවත්වන්න සූදානම් කරලා තිබුණු ඉන්දියාවේ චන්දේ කාලෙක කර්ණාටක නගරයේ පුංච් ගමක බැංකුවක් මුල් කරගෙන තමයි කතාව දිගහැරෙන්නේ , දේශපාලන පක්ෂ කිහිපයක් හොරෙන් වංචාකර උපයාගත්තු කළු සල්ලි චන්දෙට වියදම් කරන්න ඕන නිසා ඒ වෙනකම් ආරක්ශා කරගන්න ඕන නිසා කාටවත් සැක නොහිතෙන්න ගමේ පොඩි බැංකුවක හංගලා තියෙනවා
මේ අස්සේ ලොකු සිහින ගොඩක් එක්ක කන්නඩ සිනමාවේ ප්‍රකට නළුවෙක් වෙන (ධීක්ෂිත් ෂෙට්ටි), සාමාන්‍ය ආධුනික සොරුන් පස් දෙනෙකුගෙන් යුත් කල්ලියක් මෙහෙයවනවා. පොඩි පොඩි හරකම් කරලා එපාවුණ මේ කණ්ඩායමට ලොකු හොරකමක් කරලා එකපාරම දියුණුවෙන්න ලොකු ආසාවක් එනවා ඉතින් මෙයාලා කළු සල්ලි හංගලා තියෙනවා කියලා නොදැන ඒ බැංකුවම මංකොල්ල කන්න සැලසුම් කරනවා – මෙයාලා තමන්ගේ සැලසුම ගැන විශ්වාස කරලා, චන්දේ කාලේ අස්සේ මේ කල්ලිය බැංකුවට කඩා වැදෙනවා කොහොම වුණත් , සේප්පුවේ රුපියල් 67,000 ක් විතරයි තියෙන්නේ කියලා දැනගත්තම මෙයාලගේ සිහින ඔක්කොම බිඳ වැටෙනවා
ඉතින් දැන් ඒ සල්ලිත් අරගෙන බැංකුව මංකොල්ල කන්න ආවේ අපරාදේ කියලා හිතාගෙන බැංකුවෙන් එළියට යන්න යද්දි බැංකුවේ ඉස්සරහ දොර එළියෙන් නිකන්ම ලොක් වෙන නිසා මෙයාලා ඇතුළේ හිරවෙනවා..ඔහොම ඉන්නකොට අපේ වීරයා වුණ කනකරාජ් කණාමැදිරියෙක් නිසා සේප්පුව තියෙන කාමරේට යටින් තියෙන රහස් කාමරයක් හොයාගන්නවා
ඉතින් ඒ කාමරයේ මොනවද තීයෙන්නේ
ඒවා කාටද අයිති
ඒවා මේ කල්ලියට ගන්න පුළුවන් වුණාද? කියලා උත්තර හොයන්න මම මේ චිත්‍රපටිය බලන්න කියලා ඔයාලට ආරාධනා කරනවා




