EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageBawaal (2023) | කලබලය
නිතේෂ් තිවාරී විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ Bawaal(2023) චිත්‍රපටයට උපසිරැසියක් අරගෙන තමයි මේ ආවේ. මේ චිත්‍රපටය ඩිරෙක්ට් ott මාධ්‍ය ඔස්සෙ අද උදේ තමයි ආවේ. වරුන් ධවන් සමගින් ජාන්වී කපූර් මෙහි රංගනයෙන් දායක වෙනවා. ඒවගේම Romance / Drama ශාරනයන්ට අයත් මේ චිත්‍රපටය IMDb දර්ශකයේ 7ක අගයක් ලබගේන තියෙනවා.
අජේයි (වරුන් ධවන්) කියන්න පාසල් ගුරුවරයෙක්. ඉතිහාසය තමයි උගන්වන්නේ. නමුත් ආසාවකින් කැමැත්තකින් කරන්නෙ නැහැ. ඒවගේම අජෙයිට ඉතිහාසය ගැන ලොකු දැනුමකුත් නෑ. මේ අජේ බැදපු කෙනෙක්. නෝනා (ජාන්වි කපූර්) එක්ක හිත හොඳ නැහැ. නෝනාට ආදරයක් නැති කෙනෙක්. ඒ මොකද කියනව නම් අජේට සියල්ලටම වැඩිය වටින්නේ එයාගෙ ප්‍රතිරූපේ. තමන්ගෙ නෝනට අපස්මාරය තියෙන නිසා ඇය එක්ක කොහෙවත්ම යන්නෙ නෑ.. පිට තැනකදී ලැජ්ජ වෙන්න වෙයි කියලා.
මුළු නගරෙම අය අජේට ගරු කරනවා. හේතුව තමයි අජේ ගොඩ නගලා තියෙන ව්‍යාජ ප්‍රති රූපය. ඉතිං දවසක් ගෙදරින් රණ්ඩු වෙලා ඉතිහාසය පීරියඩ් එකට යන අජේගෙන් ළමයෙන් දෙවන ලෝක යුද්ධය හා සම්බන්ධ ප්‍රශ්නයක් අහනවා. අජේ උත්තර දන්නෙ නෑ. නමුත් ළමයාගෙ බල කිරීමත් එක්ක අජේට උන ලැජ්ජාවට ඔහු තම ශිෂ්‍යාට අත දිග හැර කනට පහරක් ගසනවා.
ඔතනින් තමයි මුළු කතාවම වෙනස් වෙන්නෙ. ඒ ඇයි කියනව නම් මේ ළමයා නීති සම්පාදකගේ පුත්‍රයා නිසා. බලවත් තැනක ළමයෙක්ට අත උස්සපු නිසා මුළු නගරෙම මේ ගැන දැනගන්නවා වගේම, අජේගෙ ප්‍රතිරූපෙට මෙයින් හානියක් වෙනවා. ඒවගේම රස්සාවත් අත් හිටුවනවා. මේ සිද්ධ වුණ ලැජ්ජාවෙන් බේරිලා ආයෙම පෙර තත්වෙට ප්‍රති රූපෙ හදාගන්න අජේ අලුත්ම සැලැස්මක් ගොඩ නගනවා.
මේ කථාව එක්කම මෙහි අජේගෙ පවුල් ජීවිතය පිළිබද කථාවක් විදහා දක්වනවා. තමන්ගේ බිරිදව ලැජ්ජාවක් වෙන මොහුගේ මේ ජීවිත කතාව බොහෝ සෙයින් වෙනස් වෙන්න ගන්නවා.
එහෙනම් ඔයාලටත් අජේගෙ මේ පවුල් ජීවිතයට මොකක් වෙයිද? අජේගෙ කපටි සැලැස්ම මොකක්ද කියලා බලාගන්න ඕනෙ නම් බලමු එහෙනම් මේ Bawaal එහෙමත් නැත්නම් “කලබලය” කියන චිත්‍රපටය..











