CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Bhavani Ward 1997 (2025) | “භවානි වාට්ටුවේ අහිරහස”

 

අජේ දියා කියන්නේ පෙම්වතුන්. මේ දෙන්නගේ ආදරය නිසාම දියාගේ ඇගට ආත්මයක් ආවේශ වෙනවා. මේ ආත්මයට වුවමනා වෙනවා පලිගන්න.

මොකටද දියාගේ ඇගට ඒ ආත්මය ආවේ?

කවුද ඒ ආත්මය?

මොකටද පළිගන්නේ?

අජේ මොනවා කරාවිද දියාව බේරගන්න?

ඒවා දැනගන්න නම් මේ ෆිල්ම් එක බලන්න වෙනවා..

සබ ඕනේ අය පහලට ගිහිල්ලම ඩවුන්ලෝඩ් කරගන්න.. වැඩි විස්තර ඕනේ අයට පොඩි හැල්ලක් මේ විදිහට ලියන්නම්.

ඔන්න සුපුරුදු විදිහටම තවත් හොරර් වර්ගයේ චිත්‍රපටයක් උස්සන් තමයි අද සයිට් එකට ආවේ. විශේෂයෙන්ම කියන්න ඕනේ මේක තෙලිගු එකක්. කලින් එකට ලැබිච්ච ප්‍රතිචාර නිසාමද කොහෙද මට හිතුණා මේක කරලා බලන්න ඕනේ කියලා. මොකද මේ වෙද්දීත් හොරර් වර්ගයේම තුනක් කරලා තියෙනවා හැබැයි.විශේෂයෙන් හොරර් ෆිල්ම් වල තියෙනවනේ අමුතුම මෙව්වා එකක් 😁.. ඒ ගතිය දැනිච්ච හින්දමද කොහෙද හොරර් ඒවාම මට අහුවෙන්නේ.. ෆිල්ම් එක ගැන යමුකෝ විස්තරේට..

මේ චිත්‍රපටයේ නම Bhavani Ward 1997. 2025 පෙබරවාරි 7 වෙනිදා නිකුත් වුනු මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ GD නරසිම්හා විසින්. නිෂ්පාදනය කලේ චන්ද්‍රකාන්ටා සොලන්කි විසින්. සංගීත අධ්‍යක්ෂණය කලේ සේකර් මහන්තිගෙන්. මෙය අයත් වෙන්නේ  සයිකෝ-හොරර්-ත්‍රිලර් ගණයට. කාස්ට් එක ගැන කිව්වොත් මේ අය මුල්ම වතාවටයි රගපාන්නේ.. අඩුම ගානේ මංවත් අහලවත් නෑ මේ සෙට් එකම.. ගනේෂ් රෙඩ්ඩි, පූජා කේද්රේ, ගයත්‍රී ගුප්තා, සායි සතිෂ් වැනි අය මේ චිත්‍රපටයට තමන්ගේ රංගන දායකත්වය සපයනවා..

මේ චිත්‍රපටයට ලබා දී තියෙන IMDB අගය 8.7/10ක්. ඔය වගේම ෆිල්ම් එකක් තිබ්බා ගාර්ඩියන් කියලා දෙමළ ෆිල්ම් එකක්.. ඒකෙත් ඔයිට වැඩියි..) මේ චිත්‍රපටය තිරගත කල දිනයේ ඉදන් මේ චිත්‍රපටයට විචාරකයින්ගෙන් ලැබිලා තියෙන ප්‍රතිචාර නම් මිශ්‍ර ප්‍රතිචාර. මේකේ ධාවන කාලය පැය 2යි විනාඩි 4ක් වෙනවා. මේ චිත්‍රපටය අසාර්ථක චිත්‍රපටයක් වූ නිසාම වේලාසනින්ම මේ චිත්‍රපටයේ බැනර් පවා සිනමාශාලාවල් වලින් ඉවත් කර තියෙන වගත් සදහන් වෙනවා. මේ චිත්‍රපටයේ OTT නිකුත් කලේ Amazon Prime Video හරහා 2025 මැයි 20 වෙනිදා. (මේක නිකුත් වෙන්නේ VOD – Video On Demand විදිහට.)

Comments

July 1, 2025

Waste your data

August 17, 2025

❤️👍