CS Player හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageBhediya (2022) | වෘක ශාපය
2022 නොවැම්බර් 25 නිකුත් වුන මිනිත්තු 156ක රාමුවකට කොටු වෙලා බලන්න පුළුවන් මේ හින්දි ෆිලුම අයත් වෙන්නෙ Comedy / Horror කියන Category එකට 🔥
මේකට හම්බෙලා තියෙන්නේ පොසිටිව් නෙගටිව් කලවම් රිවිව්ස් වගේම මේක වෙනස් තේමාවක් සහිත චිත්‍රපටියක්.. මේ ටයිප් English චිත්‍රපටි Tv Serious අපි ඕන තරම් බලල තිබ්බත් හින්දි එකක් බලලම නෑ නේ..The Twilight Saga වගේ ෆිල්ම්ස් බලපු කට්ටිය දන්නවා මේ මොඩල් ෆිල්ම්ස් වල තියෙන රහ…ඒවගේම වරුන් ඉන්නවා නම් ගොඩක් අය කොමඩි බලාපොරොත්තු වෙනවනේ.. ඔන්න තියෙනවා ආතල් කොමඩි ටිකකුත් 😋
ඒ වගේම මේකෙ ලස්සනම සින්දු සෙට් එකකුත් තියෙනවා ඒ ඔක්කොමත් සිංහල උපසිරැසි ගන්වල තියෙන්නෙ 🥰
අධ්‍යක්ෂණය – Amar Kaushik
Cast
වරුන් ධාවන් “බාස්කර් ෂර්මා” නොහොත් “බාස්කි” ලෙසින්
ක්‍රීති සැනෝන් “ඩොක්ටර් අනිකා” ලෙසින්
දීපක් ඩොබ්රියාල් “පන්ඩා” ලෙසින්
අභිෂේක් බනර්ජී “ජනා” ලෙසින්
විශේෂයෙන්ම කියන්න ඕන මේ ෆිලුමට 2018 නිකුත් වුන Stree හින්දි ෆිලුමත් එක්කත් පොඩි සම්බන්දයක් තියෙනවා 🥰
විස්තරේ පොඩ්ඩක් කියන්නම් ✌️
ඉතින් මේකෙ බාස්කර් කියන කෙනා වැඩ කරන්නෙ ඔෆිස් එකක..මේකෙ බොස් මෙයාට බාරදෙන ප්‍රොජෙක්ට් එකක් සම්පූර්න කරන්න මෙයාට තමන්ගෙ මාමගෙ පුතායි යාලුවෙකුයි එක්ක කැලේකට එන්න වෙනවා..මේ අතරෙදි තමයි මෙයාට වෘකයෙක් පහර දෙන්නෙ..ඉතින් ඉස්සරහට තමයි හොදම දේවල් ටික වෙන්නෙ..ඒ මොනවද කියලා මම කියන්න යන්නෙ නැ ඔයාලාම බලන්නකො..
- Stree (2018)
- Bhediya (2022)
- Munjya (2024)
- Stree 2 (2024)
- Thamma (2025)








