EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageBholaa (2023) | “සිරකරුවෙකුගේ කෝපය”
මේක කාර්තිගෙ Kaithi (2019) ටැමිල් ෆිල්ම් එකේ රීමේක් එකක් කියලා.. ඒත් අනිවාර්යෙන්ම කියන්න ඕන මේක Copy & Paste රීමේක් එකක් නෙවෙයි 😋 Tamil එකේ අපිට ප්‍රශ්න වුන ගොඩක් තැන් මේකේදි අපිට හොදට Clear කරලා දීලා තියෙනවා..ලස්සන ලව් ස්ටොරියකුත් තියෙනවා..Tamil එක වගේම ගැම්මට තව ඇක්ෂන් ටිකක් වැඩි කරලා ෆිලුම ගහලා තියෙනවා කියලා අනිවාර්යෙන්ම කියන්න ඕන
ෆිල්ම් එක පැත්තට ගියොත් මේක Thriller/Drama කියන ගණයට අයත් වෙන චිත්‍රපටයක් 🔥
මේක නිපදවන්න ඉන්දියානු රුපියල් කෝටි 100ක මුදලක් වැයවෙලා තියෙනවා ඒ වගේම ලොව පුරා ආදායම කෝටි 121 ක් කියලත් සදහන් වෙලා තියෙනවා..flop වෙන්නෙ නැතුව යන්තම් Semi hit එකක් බවට පත්වෙන්න මේකට පුලුවන් වෙලා තියෙනවා🙂♥️
ඉතින් මේ ෆිල්ම් එකේ Director අජේ දේව්ගන්ම තමයි 💪🔥
ඒ වගේම..
Ajay devgn – බෝලා ගෙ චරිතයත්
Tabu – ඩයනා ජෝසප් ලෙසත්
Deepak Dobriyal – ආශු ලෙසත්
Arpit Ranka – බුරා ලෙසත්
Abhishek Bachchan – චෝමු සිං
ෆිල්ම් එකෙ කතාව ගැන ඔයාලා හැමෝම වගෙ දැනටමත් දන්නවනෙ ඉතින්.. මම නොදන්න කෙනෙක් ඉන්නවනම් මෙහෙම කෙටියෙන් කියන්නම්කො ✌️
බෝලා කියන්නෙ අවුරුදු 10 ක් හිරේ ඉදපු කෙනෙක්..ඉතින් මෙයා හිරෙන් නිදහස් වෙන්නෙ තමන්ගෙ දුවව බලන්න බොහොම ආසාවෙන්..ඉතින් ඒ අතරතුර මෙයාට හිතුවෙවත් නැති ප්‍රශ්නෙකට කරගහන්න සිද්ද වෙනවා..මම ඒ මොකද්ද කියල නොකියා ඉන්නම් ඔයාලම බලන්නකො එහෙනම්..
ඉතින් හැමෝටම ආරාධනා කරනවා මේ සුපිරි ෆිල්ම් එක බලන්න කියලා ♥️🔥











