CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Black Adam (2022) | ”Kahndaq හි අඳුරු ආරක්ෂකයා”

(Black Adam (2022) Sinhala Subtitles) (Black Adam (2022) Sinhala Sub) (Black Adam Sinhala Subtitles) (Black Adam Sinhala Sub)

Black Adam, DC සිනමා විශ්වය අලුත් මානයකට යොමු කරපු සිනමාපටය.. DC විශ්වයට එකතු වුන අලුත්ම චරිතය සහ Anti-hero චරිතය Teth – Adam නොහොත් Black Adam කියල කියන්නෙ Shazam character එක වගේම Shazam බල සහිත චරිතයක්..

අපි බලමු ඉතින් කව්ද මේ Black Adam කියන්නෙ කියල…..

Teth – Adam එහෙම නැත්නම් Black Adam කියන character එක බවට පත්වෙන්නෙ පැරණි ඊජිප්තුවෙ Kahndaq කියන කොටසේ ජීවත් වුන වහල් සේවයට යොදාගත්ත ජනතාවගෙන් කෙනෙක්..

Kahndaq ජනතාවට අනුව Kahndaq වල ගැලවුම්කරුවා සහ රණ ශූරයා තමයි මේ Teth – Adam කියල කියන්නෙ.

 


Shu – ආලෝකයට සහ වාතයට අධිපති දෙවියා තමයි Shu කියල කියන්නෙ.. මේ දෙවියන්ගෙ දරගැනීමේහැකියාව තමයි Teth – Adam ට ලැබෙන්නෙ.

 

Horus – අහසට අධිපති දෙවියන්ගෙන් වේගය සහ සිරුරේ හැකියාවන් පාලනය Black Adam ට ලැබෙනවා

 

 

Amun – ඊජිප්තු දෙවියන්ගෙ රජතුමා වෙන Amun ගෙන් Superhuman Strength එක Adam ට ලැබෙනවා.

 

 

 

Zehuti – දැනුමට අධිපති දෙවියන්ගෙන් ප්‍රඥාව Adam ට ලැබිලා තියෙනවා

 

 

Aten – සූර්යයාට අධිපති Aten දෙවියන්ගෙන් Lightning සහ Electroblast ඇති කිරීමේ හැකියාව ලැබෙනවා..


Mehen – සර්ප කුලයේ දෙවි කෙනෙක් වන mehen ගෙන් ඉක්මන් සුව වීමේ හැකියාව සහ අමරණියත්වය ලැබෙනවා.

 

ඉතින් ඔන්න ඔය විදියට තමයි Black Adam ගෙ Powers ඔහුට ලැබෙන්නෙ..

 

Kahndaq වල ජනතාවට Black Adam ව අවශ්‍ය ⁣වෙලාවට උපකාර ඉල්ලීමට ඇති ක්‍රමය වෙන්නෙ Shazam යනුවෙන් පැවසීමයි.ඒවගේම Black Adam ට ඔහුගෙ බලයන් ලැබීමට සහ සියලු බලයන් අත්හැර දැමීසට ඇති ක්‍රමය වෙන්නෙත් මේ විදියට Shazam ලෙස පැවසීමයි…

ඉතින් මෙන්න් මේ විදියට තමයි Black Adam එහෙමත් නැත්නම් Teth Adam කියන චරිතය DC විශ්වයට මුලින්ම හඳුන්වලා දෙන්නෙ…

දැන් අපි Black Adam Movie එක ගැන කතා කරොත් Black Adam Movie එක හැම අතින්ම හොඳ මට්ටමක තියෙන Movie එකක් වගේම මීට කලින් DC වලින් දැකපු movies වලට වඩා වෙනස් Movie එකක්BGM,Cinematography සහ Action Sequence පවා හොඳ මට්ටමක තියෙන Movie එකක්..

Movie එක පුරාම සමබර කතාවක් යන නිසා කිසිම අව්ලක් නැතුව movie එක enjoy කරන්න පුලුවන් වේවි හැමදෙනෙක්ටම.

2022 අවුරුද්දෙ release වුන Movies වලින් හොඳ මට්ටමක තියෙන Movie එකක් කියල Black Adam Movie එක හඳුන්වන්න පුලුවන් .

එහෙනම් ඉතින් DC අනාගතය ගැන හොඳ බලාපොරොත්තුවක් තියාගෙන ඔයාලත් Movie එක බලලා ඔයාලගෙ අදහස් කියාගෙන යන්න ගායිස්…

පස්සෙ සෙට් වෙමු.

සටහන :- ශ්‍රී කොම් #බ්ලැක්පැන්තර්

[  නවතම WEB Original පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත.]

Comments

November 24, 2022

TWD nadda meke

December 5, 2022

Thank you cinesubz