EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Black Clover: Sword of the Wizard King (2023) | සර්ව සාධාරණ ලෝකයක් උදෙසා

 

Black Clover කියන්නේ යුකී ටබාටා විසින් රචිත ඇක්ශන් ෆැන්ටසි කාන්ඩයට අයත් ජනප්‍රිය ජපන් මංගා සහා ඇනිමේ මාලාවක්. මංගාව තාම ලියවෙනවා වගේම ඇනිමේ කොටස් 170ක් දක්වා සීසන් 4ක් මුලුල්ලේ 2017 වසරේ ඉදන් 2021 වසර වෙනකන් විකාශය වෙලා තියෙනවා. 2026 දී සීසන් 5 නිකුත් වෙනවා කියලත් නිල දැනුම් දීමක් තියෙනවා. අන්න ඒ ඇනිමේ කතා මාලාවේ ආපු එකම එක ඇනිමේ චිත්‍රපටිය අරගෙනයි මම ඔයාලා වෙත ආවේ.මේක නිකුත් වෙන්නෙ 2023 දී.

Imdb 7.4 ක් ගත්තු මේ චිත්‍රපටිය පැය 1 යි මිනිත්තු 50ක ධාවන කාලයකට උරුමකම් කියනවා. අපි දැන් හැරෙමු ඇනිමේ එක පැත්තට.

මේ කතාව ගෙතෙන්නෙ ක්ලෝවර් රාජධානිය වටා, මේ ලෝකේ හැමෝටම මොකක්ම හරි මැජික් බලයක් තියෙනවා. මැජික් බලය වෙනුවෙන් එයාලට එයලගෙම කියලා මැජික් පොතක් අවුරුදු 15 වෙනකොට පහල වෙනවා. ඉතින් මේ මැජික් බලයෙන් දක්ශ අය විතරක් ක්ලෝවර් රාජධානියේ නයිට්ලා විදියට පත් වෙන්න තරඟ කරනවා. ඒ තරඟයෙන් ජය ගන්න අයට පුලුවන් රටේ විශාල පිලිගැනීම තියෙන රටේ ආරක්ශක සේනාංකයට බැදෙන්න නයිට් කෙනෙක් විදිහට.

ක්ලෝවර් අධිරාජ්ජයේ පුංචි ගමක පල්ලියකට චූටි බබාලා දෙන්නෙක් දවසක් උදේ බලනකොට ගෙන්ත දාලා තියෙනවා, ඉතින් පල්ලියේ ෆාදර් ඒ ලමයි දෙන්නව හදාගන්න ගන්නවා. එක බබෙක්ගේ නම අස්ටා, අනික් බබා තමයි යූනෝ.

අපේ කතා නායකයා වෙන්නෙ අස්ටා. යූනොට නිසි වයස එනකොට විශාල මැජික් බලයක් උරුම වෙනවා. හැබැයි අපේ අස්ටට කිසිම මැජික් බලයක් උරුම වෙන්නෙ නෑ. ඒත් අපේ අස්ටගේ බලාපොරොත්තුව රටේ මායා රජු වෙන එක. ඒක තමයි එයගේ ලොකුම හීනේ. යූනෝගේ බලාපොරොත්තුවත් ඒකම තමයි.හැබැයි දෙන්නට දෙන්නා ඇතුලාන්තයෙන්ම ලොකූ බැඳිමක් තියෙන දෙන්නෙක්.මේ ෆිල්ම් එකේ අස්ටා,යූනෝ මැජින් නයිට් සේනාංකෙට බැදිලා සේනාංකේ ප්‍රධානම තැනක් තියෙන නයිට්ලා වෙලා ඉවරයි. එයාලා එතනට ආපු ගමන් මඟ බලන්න නම් ඇනිමේ සීරිස් එක බලන්නම වෙනවා. මේ ෆිල්ම් එකේ තියෙන්නෙ ක්ලෝවර් රාජධානියට ආපු අලුත්ම වියසනයක් ඇස්ටා ප්‍රමුක මැජික් නයිට් කපිතාන්ලා,නයිට්ලා විසදන ආකාරය. ඇනිමේ රසික ඔබ නැරඹිය යුතුම ඇනිමේ එකක් තමයි මේක.

ඇනිමේ මාලාව නොබැලුවට මේක තේරුම් ගන්න පුලුවන්.

Comments