EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageBlackmail (2025) | “ නිමක් නැති බ්ලැක්මේල් ”
අද අරගෙන ආවේ බ්ලැක්මේල් කියන ටැමිල් ෆිල්ම් එක. නමේ හැටියටම ඉතින් බ්ලැක්මේල් කිරිල්ලක් ගැන තමයි කතාව යන්නේ. හැබැයි එකක් නෙමෙයි. එක එක විදිහට එක එක අය ෆිල්ම් එක ඇතුලෙදි බ්ලැක්මේල් වෙනවා. මේකත් කුතුහලෙන් බලන්න පුළුවන් හොද ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන්.
ඉතින් කතාව පැත්තට පොඩ්ඩක් හැරුනොත්, අශෝක් කියලා ලොකු සල්ලිකාර බිස්නස්මන් කෙනෙක් එයාගේ වයිෆ්, එයාගේ ලමයා දෙන්නත් එක්ක ඌටි වලට යනවා. ඒ අතරමගදි කාර් එකක් ඇවිත් මෙයාලගේ කාර් එකේ හැප්පෙන්න යනවා. ඊට පස්සේ අශෝක් කාර් එකෙන් බැහැලා ගිහින් මේ කෙනා එක්ක බැන ගන්නවා. ටික වෙලාවකින් මේ රණ්ඩුව බේරන්න අශෝක්ගේ වයිෆ් අර්චනා එහෙමත් මෙතනට එනවා.
මේකෙන් පස්සේ ආයෙත් එයාලා එයාලගේ ගමන යන්න පිටත් වෙනවා. මෙහෙම යද්දි ළමයගේ කිසිම සද්දයක් නැති නිසා පිටිපස්ස සීට් එක බලනවා. එතකොට තමයි දකින්නේ ළමයා වාගනේ නෑ කියලා.
ඉතින් ළමයට මොකද වුනේ? ළමයව හොයාගන්න මෙතනින් එහාට මොන වගේ ප්‍රශ්න වලට මූණ දෙන්න වෙයිද? මොන ජාතියේ කට්ටිය එක්ක ගණුදෙනු කරන්න වෙයිද? එහෙනම් ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා.



