EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Blood (2023) | සිංහල උපසිරැසි සමඟ

ඔන්න එහෙනන් අද අරන් ආවේ තවත් Horror / Thriller චිත්‍රපටයකට සබ් එකක් මේක නිකුත් වෙලා තීන්නෙ මේ අවුරුද්දෙ පෙබරවාරී මාසේ හැබැයි මේ වෙනකන් කවුරුත් සබක් කරලා නැති නිසා මම මේක ගත්තා…..

තවත් එකම රටාවේ අද්භූත චිත්‍රපටයක් නොවන නිසා මේකට හිත ඇදිලා ගියා මේ වෙද්දි 5.4ක IMDB අගයකුත් 64%ක ගූගල් මනාපත් 58%ක කුණු තක්කාලි අගයක් වගේම බොක්ස් ඔෆීස් වාර්තා තියන්නත් සමත් වුනු චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කලේ Brad Anderson ……

මේකේ කැස්ට් එක ගත්තොත් ප්‍රධාන චරිත හතරයි….
* Michelle Monaghan – ජෙස්
* Skeet Ulrich – ප්‍රැට්රික් ( මෙයාවනම් ගොඩාක් අය දන්නවනේ Scream ෆිල්ම් සීරීස් එකේ බිලී ලූමීස් කිව්වාම )
* Finlay Wojtak-Hissong – ඕවන්
* Skylar Morgan Jones – ටයිලර්

ඒනම් අපි කතාව පැත්තට යමු……….

ජීවිතයේදී මොන අම්මා උනත් කැමති තමන්ගේ ලමයි සතුටින් සනීපෙන් ඉන්නවනම්නේ එහෙම නොවුනොත් වදාපු අම්ම විදිහට එයාලව සතුටින් තියන එක සනීපෙන් තියන එක කොහොමහරි කරන්න වෙනවා හොඳින් හෝ නරකින් හැබැයි අම්මලට පුලුවන් ද තමන්ගේ ලමයගේ ජීවිතය වෙනුවෙන් තවත් ජීවිත කැප කරන්න ????

කතාව පටන් ගන්නෙ මෙහෙමයි ජේස් කියන්නෙ සැමියගෙන් ඩිවෝස් වෙලා ලමයි දෙන්න එක්ක තාවකාලික ගම්බද ගෙයක ජීවත් වෙන ගැහැණියක් එයාට දුවෙකුයි පුතෙකුයි ඉන්නවා මහත්තයාට එයාලව බලන්න පුලුවන් මාසෙට දවස් හතරක් විතරයි ඉතින් මෙයාලට බල්ලෙකුත් ඉන්නව මේ ගේ ලඟම පාළු හිඳිච්ච වැවක් තියෙනවා ඉතින් කතාව මම කියන්නෙ නෑ කිව්වොත් වැඩක් නැති නිසා දෙයක් ගන්න පුලුවන් චිත්‍රපටියක් ජීවිතෙට උනත්…

Comments