EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageBlood Red Sky (2021) | උඩු ගුවනේ වැම්පයර් භීෂණය
නාජා – තමන්ගෙ දරුවා වෙනුවෙන් මිය යන්න උනත් ලෑස්ති, කිසියක් අභිරහස් රෝගයකට ප්‍රතිකාර ලබා ගන්න ඇමෙරිකාව බලා පිටත් වෙන කාන්තාවක්.
එලියාස් – තමන්ගෙ අම්මා වෙනුවෙන් මිය යන්න උනත් සූදානම් ඇගේ රෝගය සුව කරගන්න යන ගමනට ශක්තියක් වෙන පුංචි පුතෙක්.
ෆාරිද් – ඇමෙරිකාවේ සමුලුවකට සහභාගී වෙන්න යන පුද්ගලයෙක්.
මේ තුන් දෙනාම ඇමෙරිකාව බලා ගියෙ එකම ප්ලේන් එකේ.. ඒත් ඒ ප්ලේන් එක යන්න නියමිත ගමන යන්නැතුව ගුවන් තොටුපළකට ගොඩබානවා.ආමි එකේ සුපරීක්ෂණය යටතේ. මේ ප්ලේන් එකේ ප්‍රධාන හා දෙවන ගුවන් නියමුවො දෙන්නම මැරිලා. ප්ලේන් එකෙන් මුලින්ම බිමට බහින්නෙ පොඩි ළමයෙක්. ඒ ළමයා තමයි එලියාස්. එලියාස් පිස්සුවෙන් වගේ කියෝනවා ප්ලේන් එකේ රාක්ෂයො ඉන්නවා කියලා. ඒ හින්ද ඉර බහින්න කලින් ෆාරිද්ව බේරගන්න කියලා.. ඒත් ෆාරිද් කියන්නෙ ත්‍රස්තවාදියෙක් කියලයි හමුදාව හිතන්නේ..මේ ප්ලේන් එක ත්‍රස්තවාදීන් විසින් පැහැරගන්න හැදුවා කියලයි හමුදාව නම් සැක කරන්නේ. ඇත්තටම මොකක් වෙන්නැතිද? ඔයාලම එහෙනම් ඒක බලන්නකෝ.










