CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
1586 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
Bob Marley: One Love (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Bob Marley: One Love (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Feb. 14, 2024United States104 Min.
Your rating: 10
8.3 6 votes
Bob Marley: One Love (2024) | බොබ් මාර්⁣ලේ : විප්ලවීය සොඳුරු ආදරවන්තයාගේ දිවිසැරිය

Bob Marley One Love 2024 තමයි මම පළමු උපසිරැසිය ලෙස තෝරගන්නෙ. කුඩා කල පටන් බෙහෙවින් ආදරය කරන චරිතයක් වටා ගෙතුනු මේ සලරුව IMDb දර්ශකයේ 6.5/10 අගයක් ද , Rotten Tomatoes හි 43% අගයක් ද ලබා ගෙන තියනව.

“Reinaldo Marcus Green” විසින් අධ්‍යක්ෂණය කරන මෙහි Secret Invasion කතා මාලාවේ අපට හමුවෙන “Kingsley Ben-Adir” විසින් බොබ් මාර්ලේ ගෙ චරිතයත්, The Woman King, Marvels, Doctor Strange in the Multiverse of Madness හි අපට හමුවූ “Lashana Lynch” රීටා මාර්ලේ ගේ චරිතයටත් පණ පොවනව.සෙසු චරිත ලෙස James Norton, Michael Gandolfini අපට හමුවෙනව. චිත්‍රපටය පුරාම අපූරු ගීත සංයෝජනයන් රැසක් තිබෙනව. ඒ සියල්ලම එහි ඉංග්‍රිසි රස විනාශ නොකර එලෙසම ඔබට නරඹන්න ඉතුරු කර ඇත.

ඒ වගේ ම මෙම චිත්‍රපටය නරඹන විට හෙඩ්⁣පෝන්ස් එක්ක ම නරඹන්න පුළුවන් නම් ඒ සංගීතය එක්ක චිත්‍රපටයේ රස තවත් වැඩිවෙයි.අවසාන වශයෙන් කියන්න ඕන පළමු උපසිරැසිය විදියට කැමතිම චිත්‍රපටය තෝරගන්න මට අවස්ථාව ලබා දුන්න එකට ගොඩක් ස්තූතිවන්ත වෙනව. භාර ගත්තට කරන් යද්දි ටිකක් වැඩේ අමාරුවුනේ ජැමයිකානු ඉංග්‍රිසි භාෂාව තරමක් ඇමරිකානු/ බ්‍රිතාන්‍ය ඉංග්‍රිසි වලට වඩා වෙනස් ⁣වීම. නමුත් කෙසේ හෝ රසිකයාට උපරිම රසාස්වාදයක් සහ සාධාරණයක් කරන එක තමයි මගේ එකම අරමුණ වුනේ. ඉතිං මම ඉල්ලනව උපසිරැසිය සමඟ චිත්‍රපටය රස විඳින්න, ඒ වගේ ම අඩුපාඩුවක් ඇත්නම් ඒ බවත් දන්වන්න. එහෙනම් නැවත උපසිරැසියකින් හමුවෙමු. ජය වේවා !

බොබ් මාර්⁣ලේ ගැන යමක්…

රොබට් නෙස්ටා මාර්ලේ නොහොත් බොබ් මාර්ලේ උපත ලබන්නෙ 1945 පෙබරවාරි 6 වෙනිදා, සුදු ජාතික පියෙක්ට දාව  කළු ජාතික මවකට උපදින මේ කළු ජාතිකයා කුඩා කල පටන්ම අනෙක් කළු ජාතික පිරිමි ළමයින් අතර කැපී පෙනෙන්නෙ ඔහුගේ ආවේණික “කහ පැහැ සම” නිසා ය. පාසල් සමයේ පටන් ම සංගීතයට මහත් ලැදියාවක් දක්වන ඔහු කුඩා කල සෙන්ට් ඈන් පැරිෂ් ග්‍රාමයේ  ද පසුකාලීනව  ජැමයිකාවේ “ට්‍රෙන්ච් ටවුන්” නගරයේය ද හැදී වැඩෙයි.

ට්‍රෙන්ච් ටවුන් හි මිතුරන් සමඟ සිය තරුණ කාලය ගෙවද්දී “බනී වේලර්” සහ “පී⁣ටර් ටොෂ්” ඇතුළු කුළුපග මිතුරන් කිහිපදෙනෙක් සමඟ 1965 දි “වේලීන් වේලර්ස්” සංගීත කණ්ඩායම අරඹයි. “අයිලන්ඩ් රෙකෝඩින්” හි පළමු පටිගත කිරීම සිදු කිරීමෙන් පසුව “බොබ් මාර්ලේ සහ වේලර්ස්” යන නමින් කා අතරත් ජනප්‍රිය විය.

1966 දි රීටා මාර්ලේ සමඟ විවාහ වන බොබ්, දරුවන් 11 දෙනෙක් ගේ පියෙක් බවට පත් වෙයි.ඒ දරුවන් අතර රීටා ගේ නොවන දරුවන් ද සිටියි. නමුත් රීටා මාර්ලේ යනු බොබ් මාර්ලේ යන විශාල සෙවනැල්ල යටම හිඳ බොබ් මාර්ලේ ගේ ජීවන ගමනට රුකුල් දෙමින් ඔහු මිය යනතුරුම ඔහු හා රැඳී සිටි එකම කාන්තාව යි. ඇය ද බොබ් මාර්ලේ ගේ සංගීත කණ්ඩායමේ සහය ගායන ශිල්පිනියක් ලෙස කටයුතු කරන්නෙ ඇයට සහ ඇගේ සහෝදරියන් සතු ව තිබූ  “සෝලෙට්ස්” සංගීත කණ්ඩායමෙන් ලැබුනු ආභාෂය ද ප්‍රයෝජනයට ගනිමිනි.

1943 ඇරඹුනු ජැමයිකානු සිවිල් යුද්ධය 1976 වන විට උග්‍ර අතට හැරෙමින් තිබුණි. ජාතික ජනතා පක්ෂය (PNP) සහ ජැමයිකානු කම්කරු පක්ෂය (JLP) එකිනෙකා අතර වෙඩි තබා ගැනීම්, දේපළ හානි, පැහැරගැනීම් බහුලව මේ වකවානුවේ පැවතිණි. මේ පක්ෂ දෙකෙහි ම ක්‍රියාකාරින් වන “බුකී මාර්ෂල්” සහ “ක්ලෝවුඩි මාසොප්” බොබ් මාර්ලේ ව ළගින් ඇසුරු කළෝය. බොබ් මාර්ලේ ගේ ජනප්‍රියත්වය කෙමෙන් ජැමයිකාව පුරා විහිදී යද්දි මේ පක්ෂ දෙකටම ඔහුව හිසරදයක් බවට පත් විය. ඒ ඔහුගේ සංගීත⁣ ශෛලිය තුලින් සමාජයට ලබාදෙන පණිවුඩය ඔවුන් ගේ බල අරගලයට මරු පහරක් වන බැවිනි.

මේ අතර බොබ් මාර්ලේ 1976 මහ මැතිවරණයට සති කිහිපයක් ⁣තිබියදි සැලසුම් කළ “සාමය” ප්‍රසංගය පවා කඩා කප්පල් කරන්න ට මේ දේශපාලන බල අරගලකරුවන් වෑයම් කරමින් සිටිය හ. නමුත් කිසිදු දේශපාලන අත පෙවීමකට යටත් නොවූ බොබ් මාර්ලේ සාමය පිළිබඳ සිය අභිලාෂයන් නොබියව සමාජගත කළේය. බල තණ්⁣හාවෙන් වියරු වැටී සිටි දේශපාලන පක්ෂ වලට මේ ප්‍රසංගය කෙසේ හෝ නවතා දැමීමට අවශ්‍ය විය. බොබ් මාර්ලේ සහ රීටා මාර්ලේ ට වෙඩි තබා ඝාතනය කිරීමට ඔවුන් පියවර ගන්නේ ඒ අනුවය. නමුත් එයින් වාසනාවකට ගැලවෙන බොබ් මාර්ලේ ජැමයිකාවෙන් එංගලන්තය බලා යන්නේ ජැමයිකාව සහ එහි ජනතාව කෙරෙහි ඇති වූ පිළිකුලිනි.

වෙස්වලාගත් ආශිර්වාදයක් ලෙස ඒ වෙඩි පහර බොබ් මාර්ලේ සිය සංගීත දිවියේ හිනි පෙත්තටම ඔසවා තබනව. ඒ කෙසේද යන වග නැරඹීමට ඔබ සැමට ආරාධනා කර සිටිනව. රස්තෆරෛ ආගම ව්‍යාප්ත කිරීම, “ජාහ්” දෙවියන් ගේ ඇදහීම්, ඒ ධර්මයේ සාමයේ පණිවුඩය සුව හසක් මහජනතාවගේ සුබ සිද්ධිය උදෙසා කැපවීම, ජීවිතයේ එකම අරමුණ දුක් විඳින ජනතාවට සංගීතයෙන් පිනවීම, “ජාහ් රස්තෆරෛ” කියවීම් වලට අනුව පණිවිඩයන් ජනගත කිරීම බොබ් මාර්ලේ ගේ රෙගේ සංගීතය තුල කැපී පෙනෙන ආවේණික ලක්ෂණ වේ.

⁣බොබ් මාර්ලේ යනු පෞද්ගලිකවම මට කුඩා කාලයේ පටන් ම වීරයෙක්.ඔහුගේ කියවීම් වල, පද රචනා වල,තනු වල ඇති හුදෙක් පීඩිත ජනතාව ගේ දුක් සෝ සුසුම් වල හඬ රැව් දීමක්. බටහිර ජනතාව අතර වෙනස් අර්ථකථනයකින් ජනප්‍රිය වූ “No woman No Cry” යනු “ගැහැණියක් නැති ජීවිතය ඉතා සතුටුදායක” බවයි. නමුත් එහි ගැඹුරුම යථාර්ථය යනු බොබ් මාර්ලේ ජීවත් වූ ට්‍රෙන්ච් ටවුන් හි “නොහඬන ගැහැණියක් නැත” යන්නයි. ඒ තරම් කොල්ලකාරී ආර්ථික, සමාජ අරගලයකට ජැමයිකානුවන් මැදි විය.

1981 මැයි 11 දින සමේ පිළිකාවකින් මිය යද්දි බොබ් මාර්ලේ ට වයස අවුරුදු 36 විය. ඉතා කෙටි ජීවිතය තුල ඔහු සමාජයට ඉතිරි කර ගිය දේවල් බොහෝය. ජනතාව වෙනුවෙන් කැපවීම, ජනතාවගේ පොදු අභිලාෂයන් වෙනුවෙන් හඬ නැගීම, නව සංගීත කලාවක් නිර්මාණය කිරීම, නව සංගීත සංයෝජන සමඟ පොදු ගැටලු පද රචනය කිරීම, ජනතාවගේ නියෝජිතයෙක් වීම, ⁣හොඳ නායකයෙක්, හොඳ සහෝදරයෙක් ඒ වගේ ම හොඳ පාපන්දු ක්‍රීඩකයෙක්. බොබ් මාර්ලේ ගේ කංසා සුරුට්ටුව සහ කැරළි කොණ්ඩයට වඩා දේවල් ඔහුගෙන් අපට ඉගෙන ගැනීමට තිබේ.

මිනිසුන් ව⁣ශයෙන් අපි මේ ලෝකයේ අපේ වැඩ කොටස ඉටු කළ යුතුය. මේ මහ පොළව මත ජීවත් වු ණය ගෙවන්නට අවශ්‍ය ය. ඒ සඳහා තනි තනි වශයෙන් තමන්ගේ වැඩ කොටස පරාර්ථකාමි ව ඉටු කළ කරමු.

විප්ලවය හටගන්නේ තමා තුලින් ම විය යුතුය !!!

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම කවිඳු එදිරිමාන්න (Baiscopelk)
IMDb 6.4 /10 15,919 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Lashana Lynch isRita Marley
Rita Marley
James Norton isChris Blackwell
Chris Blackwell
Tosin Cole isTyrone Downie
Tyrone Downie
Umi Myers isCindy Breakspeare
Cindy Breakspeare
Anthony Welsh isDon Taylor
Don Taylor
Nia Ashi isTeen Rita Marley
Teen Rita Marley
Aston Barrett Jr. isFamily Man Barrett
Family Man Barrett
Gawaine 'J-Summa' Campbell isAntonio 'Gillie' Gilbert
Antonio 'Gillie' Gilbert

Similar titles

Nightmare Alley (2021) Sinhala Subtitles
Kida (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Godzilla: City on the Edge of Battle (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Good Dinosaur (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bodhai Yeri Budhi Maari (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Happiest Season (2020) With Sinhala Subtitles
Lakshya (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Gorre Puranam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Antboy (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Night at the Museum: Kahmunrah Rises Again (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rings (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Odela 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published