EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageBrick (2025) | එක් රැයකින් මහල් නිවාසයක් වසා දැමූ අභිරහස් බිත්තිය
2025 ජුලි 10 දින නෙට්ෆ්ලික්ස් හරහා ඩිජිටල් ලොවටත්, ඇමෙරිකාවේදී රිදී තිරයටත් එකවර මුදාහැරි අලුත්ම Drama, Sci-Fi, Mystery & Thriller නිර්මාණය තමයි Brick. මේක ජර්මන් ෆිලුමක්. පැය 1 විනාඩි 39 ක ධාවන කාලයකින් යුතු මෙහි තිර රචනය සහ අධ්‍යයක්ෂනය යන දෙකම Philip Koch. රංගනයෙන් එකතුවෙනවා Matthias Schweighöfer ( ටිම් ), Ruby O. Fee (ඔලිවියා), Frederick Lau (මර්වින්), Salber Lee Williams (ඇනා), Sira-Anna Faal (ලියා) සහ Murathan Muslu (යූරි).
කතාව කෙටියෙන් කිව්වොත්.. ටිම් සහ ඔලිවියා මහල් නිවාසයක ජීවත් වෙන්නෙ. දවසක් උදේ බලනකොට ඔවුන්ගේ මහල් නිවාස ගොඩනැගිල්ල අභිරහස් යකඩ වැනි ගඩොල් බිත්තියකින් වට වෙලා. මේ බිත්තිය කිසිම දෙයකින් පොඩි සීරීමක්වත් කරන්න බෑ. ඒ තරම් ශක්තිමත්. දොරවල්, ජනෙල් ඔක්කොම බිත්තියෙන් වැහිලා. වතුර නෑ, පෝන් සිග්නල් නෑ, ඔවුන් සම්පූර්ණයෙන්ම හිරවෙලා. මොකක්ද මේ සිද්ධිය? එක රැයකින් සම්පූර්ණ මහල් ගොඩනැගිල්ලක් බිත්තියකින් වට වුනේ කොහොමද? ටිම් සහ ඔලිවියා පණපිටින් පිටතට ඒමට දරණ උත්සාහය චිත්‍රපටය පුරාම බලාගන්න පුලුවන්. ඔවුන් සාර්ථක වෙයිද? මොහොතින් මොහොත කතාව වෙනස් වෙවී, මුල සිට අවසානය දක්වාම කුතුහලය පවත්වා ගැනීමට සමත්වීම නිසා කිසිම බෝරිං එකක් නැතුව රස විඳින්න පුලුවන් නිර්මාණයක් බව විශේෂයෙන් කියන්න ඕනෙ.












