EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Bro (2023) | “ස්වර්ගයෙන් ඇමතුමක්”

තෙලිඟු ෆිල්ම් එකක උපසිරැසි අරගෙන තමයි ඔයාලව හම්බවෙන්න ආවේ.Supernatural , Fantasy , Comedy ශාරනයේ තෙලිඟු චිත්‍රපටයක් තමයි මේක.දමිළ සිනමාවේ දක්ෂ ජනප්‍රිය නලු Samuthirakani තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ.ඒ ඔහු රගපෑ Vinodhaya Sitham නම් දමිළ චිත්‍රපටය අනුව යමින් තමයි මේක කරල තියෙන්නෙ.

තෙලිඟු සිනමාවේ ජනප්‍රිය තරු පවර් ස්ටාර් පවන් කල්‍යාන් සමඟ ඔහුට නෑකම් කියන සායි දරම් තෙජ් තමයි මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නෙ.ඉතින් හැබෑම ජීවිතේ මාමයි පුතයි අපූරුවට මේකෙ රංගනයෙන් එක් වනව.ඊට අමතරව කේතිකා ෂර්මා  , ප්‍රියා ප්‍රකාශ් ඇතුළු නලු නිලි රැසක් රංගනයෙන් එක් වෙනව.තෙලිඟු සිනමාවේ කොමඩි රජු Brahmanandam ත් මෙහි විෂේශ චරිතයකට රංගනයෙන් එක් වනවා.

කතාව මතක් කලොත්.මාක් , එහෙම නැත්නම් මාකන්දයෙලු කියන්නෙ පවුලේ වැඩිමාල් පිරිමි ළමයා.නංගිලා දෙන්නයි මල්ලියි අම්මයි එක්ක ජීවත් වෙන මෙයා රස්සාවටම ඇලිලා ජීවත් වෙන කාර්යබහුල ජීවිතයක් ගත කරන කෙනෙක්.අඩුම තමන්ගෙ පෙම්වතිය රම්‍යා වෙනුවෙන් වත් වෙන් කරන්න කාලය නෑ මෙයාට.ඉතින් ඔහොම යන අතරේ  මෙයා බිස්නස් වැඩකට ගිහින් ආපහු එන ගමන් ඉද්දි අනතුරක් වෙනවා..මෙතනින් තමා කතාව පෙරලියක් වෙන්නෙ.

එහෙනම් කට්ටිය අරගෙන බලන්න හරි අපූරු චිත්‍රපටයක් මේක.

Comments