EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageBucky Larson: Born to Be a Star (2011) | වැඩිහිටි ෆිල්ම් වල රඟපාන්න ආස කරන මෝඩ පහේ බකියා
අද ඔන්න 2011 ආපු ඇමරිකානු කොමඩි සිනමාවක් තමයි ගෙනාවේ. මේකේ පිටපත ලියලා තියෙන්නේ ඇඩම් සැන්ඩ්ලර්, ඒක විශේෂයෙන්ම කියන්න ඕනේ. සැන්ඩ්ලර්ගේ හැප්පි මැඩිසන් ප්‍රඩක්ෂන්ස් එකෙන් තමයි වැඩේ කරලා තියෙන්නේ. මම ඇඩම් සැන්ඩ්ලර්ගේ ෆිල්ම් කිහිපයකටම සිංහල උපසිරැසි ගන්වලා තියනවා. නමුත් මේ ෆිල්ම් එකේ නම් ඇඩම් රඟපාන්නේ නෑ. චරිත වලට රඟපාන්නේ ස්වාර්ඩ්සන්, ක්‍රිස්ටිනා රිචි වගේ අය. ඔයාලා කොමඩි නළු ස්වාර්ඩ්සන් එහෙම අතරින් පතර දැකලා ඇතිනේ ෆිල්ම් වල. මිනිහගේ එච්චර කඩවසම් ගතියක් නැති වුණාට සුපිරි පොර. කොහෙන්හරි මිනිහා ඉන්නවා හැප්පි මැඩිසන් ප්‍රඩක්ෂන්ස් එකෙන් එළියට දාන චිත්‍රපටියක 🙂
කතාව ගැන කිව්වොත්, **බකී ලාර්සන්** කියන්නේ පුංචි ගම්මානයක බඩු කඩයක වැඩ කරන, අම්මා තාත්තා එක්ක ජීවත් වෙන ටිකක් අමුතු මොංගල් වගේ මෝඩ පහේ ඩයල් එකක්. මිනිහට තියනවා ඉස්සරහින් එළියට පැනලා පොල් ගෙඩි වගේ දත් දෙකක්, දැක්කම හිනා ගිහින් පණ යනවා 😉 ඉතින් ජීවිතේ හරි සාමාන්‍ය විදියට මිනිහා ගෙවාගෙන යන කොට, දවසක් යාළුවෝ එක්ක ඉන්න වෙලාවක මිනිහට දැනගන්න ලැබෙනවා තමන්ගේ පවුලේ ලොකුම රහසක්. ඒ තමා 1970 දශකයේ තමන්ගේ අම්මා තාත්තා නිල් චිත්‍රපටි වල රඟපාපු ප්‍රසිද්ධ වැඩිහිටි චිත්‍රපට කලාකරුවෝ වුණා කියලා. මේක දැනගත්ත ගමන්ම බකී තීරණය කරනවා තමන්ගේ ගම්බද පළාත අතඇරලා හොලිවුඩ් යන්න. ගිහින් නිල් චිත්‍රපටි ලෝකයේ තරුවක් වෙන්න, අම්මා තාත්තා වුණා වගේම.
ලොස් ඇන්ජලීස් වලදි බකීට කැතිව හම්බවෙනවා, කෙල්ල අහිංසක වේටර්වරියක්. ඉතින් බකී යන එනමන් නැතුව පාරක පදුරක් අස්සේ නිදාන් ඉන්නවා දැකලා කැතිට දුක හිතිලා මිනිහට ඉන්න තැනක් හොයලා දෙනවා. මෙතනින් මිනිහා තමන්ගේ වෘත්තීය ගමන ආරම්භ කරනවා. මයිල්ස් ඩීප් කියන අධ්‍යක්ෂකයෙක් එක්ක මේ නව ගමන ආරම්භ කරන බකී අභියෝග රැසකටම මුහුණ දෙනවා.
මේ කතාවේ වඩාත්ම විශේෂම දේ තමයි මෝඩ පහේ කිසි පෙනුමක් නැති පුද්ගලයෙක් කොහොමද අනපේක්ෂිත ජනප්‍රියත්වයකට පත් වෙන්නේ කියන එක. මේක වෙන්නේ කොහොමද දැනගන්න කතාව අරගෙනම බලන්න. IMDB රේටින්ග්ස් ගැන හිතලා නොබලා ඉන්න එපා, සුපිරි කතාව, මම කියනවට අරන් බලන්න.












