EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Buddy (2024) | “බඩී”

 

ගොඩක් දෙනෙක් ඇහුවා මේක 2021 ආපු Teddy කියන tamil ෆිලුමේ රීමේක් එකක් ද කියලා.. ගොඩක් දෙන්න ෆිල්ම් එක බලන්නේ නැතුව කිව්ව මේක තනි රීමේක් එකක් කියලා.. මුලින්ම කියන්න ඕන මේක ඒකෙ දඩාර රීමේක් එකක් නම් නෙවෙයි.. මේක, Teddy ෆිලුමේ ආභාශය අරන් හදපු ෆිලුමක් කියලා කිව්වොත් හරි.. සරලවම කියනවා නම් පිටපත් රචකයා Teddy ෆිලුම බලලා ඒකෙ Idea එක අරගෙන, එයාගේ විදියට මේ Buddy කියන ෆිලුමේ පිටපත ලියලා.. මොකද හැම චරිතයක්ම ගොඩ නගලා තිබුණු විදිහ tamil එකත් එක්ක බලද්දී එකිනෙකට ගොඩක් වෙනස්.. Teddy එකෙ වගේම මුළු කතාවම අවයව ජාවරම වටා යන එක සහ ටෙඩි බෙයාර්ගේ ඇගට ඇතුල් වෙන්නෙ ප්‍රධාන නිළියගේ ආත්මය කියන කාරණය වගේම සහ තවත් ඇක්ෂන් සීන් තිබුණු ලොකේෂන් දෙකක් විතර ඇරුනම මුළු කතාවම වෙනස්… අවසානය පවා වෙනස්.. ඒ නිසා රීමේක් කියලා අතැරලා දාන්නැතුව බලන්න 

අධ්‍යක්ෂණය සහ කතාව – Sam Anton

රංගනය – Allu Sirish, Gayatri Bhardwaj, Prisha, Rajesh Singh, Ajmal Ameer

භාෂාව – තෙළිගු

ධාවන කාලය – මිනිත්තු 135

කතාව පොඩ්ඩක් කියන්නම්

ආදිත්‍යා කියන්නෙ ගුවන් නියමුවෙක්.. පල්ලවී කියන්නෙ ගුවන්තොටුපලේ ගුවන් ගමන් පාලනය කරන තැන (ATC) වැඩ කරන තරුණියක්.. ගුවන් ගමන් අතරතුර වෙන කතාබහ වලින් දෙන්නට දෙන්න හිතින් ආදරේ කරන්න පටන් ගන්නවා.. ආදිත්‍යා පල්ලවීට ටෙඩි බෙයාර් කෙනෙක් පවා තෑගී කරනවා.. හැබැයි පල්ලවී කවදාවත් එයාගේ ඇත්ත නම ආදිත්‍යාට කියන්නෙවත් එයාගේ මුණ පෙන්නන්න යන්නේවත් නෑ.. ඔහොම ඉන්නකොට ගුවන් ගමනකදී හදිස්සි ප්‍රශ්නයක් නිසා ආදිත්‍යාට එයාගේ රස්සාව නැති වෙනවා.. පල්ලවී හිතාගෙන ඉන්නේ මේක සිද්ද උනේ එයාගේ වැරද්දකින් කියලා.. ඒ නිසා එයා ආදිත්‍යාගෙන් මගහරිනවා.. ඔහොම ඉදල අන්තිම වතාවට ආදිත්‍යාට මුණ පෙන්නලා ඇත්ත කියලා එනවා කියලා යන පල්ලවී මුහුණ දෙන්නෙ නොහිතපු ප්‍රශ්නෙකට.. මෙයා ඒ ගමන යන්නෙත් අර ටෙඩි බෙයාර්වත් අරගෙන.. ප්‍රශ්නය තමයි පල්ලවී පිටරට ඉදන් අවයව ජාවාරම් කරන දොස්තර කෙනෙක්ට හසුවෙන එක.. ඔහුගේ පිරිසක් ඇවිත් පල්ලවී ව පැහැර ගන්නවා.. ඒ පැහැර ගැනීමෙන් පස්සේ එයාල පල්ලවීට කරන දෙයක් නිසා එයා කෝමා තත්වයට පත් වෙනවා.. ඒ මොහොතේම එයාගේ ආත්මය අර ටෙඩි බෙයාර්ගේ ඇගට ඇතුල් වෙනවා.. ඊටපස්සේ මේ ටෙඩි බෙයාර්ව නොහිතපු විදියට ආදිත්‍යාට හම්බෙනවා..

මෙතනින් එහාට තමයි මේ සුපිරි කතාව පටන් ගන්නේ..

මේ අවයව ජාවාරම් කාරයාට එරෙහිව ආදිත්‍යා එක්ක එයාගේ බඩී කරන සටන බලන්නකෝ එහෙනම්..

කයිදි එකේ දැකල ඇති.. KGF එකේ දැකල ඇති..වික්‍රම් එකේ දැකල ඇති.. ඇනිමල් එකේ දැකල ඇති..හැබැයි ටෙඩි බෙයාර් කෙනෙක් අතේමේ තුවක්කුවක් (Machine Gun) තියෙනව දැකල තියෙනවද.? 

Comments

October 20, 2024

❤️👌