EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageChanakya Thanthram (2018) | අභිරහස් මරණ
Chanakya Thanthram (2018) Sinhala Subtitles
මේක අධ්‍යක්ෂණය කරන්නේ Kannan Thamarakulam කියන අධ්‍යක්ෂක වරයා විසින්.. ඒවගේම මේකෙ ප්‍රධාන චරිතය කරන්නේ මං ගොඩක් ආස නළුවෙක් වන Unni Mukundan සුපුරුදු පරිදි උන්නිගේ ඇක්ටින් හොද මට්ටමක තිබුන.. ඒවගේම ස්ටෝරි එකත් සුපිරි.. අවසන් වෙනකම් හොද Thrill එකක් තිබ්බා
Cast
◆ Unni Mukundan as Arjun Ram Mohan
◆ Anoop Menon as Iqbal IPS
◆ Shruti Ramachandran as Andrea/Miya
◆ Shivada Nair as Irene
◆ Hareesh Perumanna as Avinash
◆ Niyaz Musaliyar as Gokul
විස්තරේ චුට්ටක් කියන්නම්
අර්ජුන් කියන්නේ අපරාධ විද්‍යා උපාදියක් අරන් රහස් පරික්ෂකයෙක් වෙන්න ආසාවෙන් ඉන්න කොල්ලෙක්.. ඉතින් මෙයා පෞද්ගලික රහස් පරීක්ෂණ ආයතනයකට එකතුවෙලා වැඩ කරන්න ගන්නවා.. ආයතනය කරන් යන්නේ ලස්සන කෙල්ලෙක්.. කෙල්ලත් පොඩ්ඩක් මෙයාට ලයින් ඉතින් මෙයාට මෙහෙදී කරන්න තියෙන වැඩේ තමයි එක්තරා මිනිස්සු 4 දෙනෙක්ගෙ විස්තර දෙනවා.. එයාලව ෆලෝ කරලා, එයාල කරන කියන දේවල් සේරම දැනුම් දෙන එක… මෙයා ඒ වැඩේ සාර්ථකව ඉවර කරාම හදිස්සියේ මේ මිනිස්සු 4 දෙනා එකින් එකට මැරෙන්න ගන්නවා.. ඒවත් හදිස්සි අනතුරු වලින්.. කොටින්ම කියනවා නම් මේක මිනීමැරුමක් කියලා අර්ජුන්ටත් තේරෙනවා.. ඊටපස්සේ
◆ මේ මිනී මැරුම් වලට අර්ජුන් මාට්ටු වෙයිද..
◆ මිනී මරුව කව්ද කියලා අර්ජුන් හොයා ගනීද…
◆ තවත් වෙන මිනීමැරුම්ල වළක්වන්න අර්ජුන්ට පුළුවන් වෙයිද…
මේ සේරම දැනගන්න මේ සුපිරි Thriller ෆිලුම බලන්න කියලා හැමෝටම ආදරෙන් ආරාධනා කරනව


