EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Clown in a Cornfield (2025)| ලේ පිපාසිත විකටයෝ...!

 

මේක ඇවිල්ලා අලුතින් ම රිලීස් උන සුපිරි ත්‍රිලර් මූවි එකක් .රටේ පැත්තකට වෙන්න තියෙන ගමකට යන ඩොක්ටර් කෙනෙකුයි එයාගෙ දුවගෙනුයි තමයි කතාව පටන් ගන්නේ ,

මෙයාලා මෙහෙ එන්න කලින් මේ ගමේ තිබ්බ කර්මාන්ත ශාලාවක් ගින්නෙන් විනාශ වෙලා තියෙනවා.මේ ගමේ ඉන්නෙ ගොඩක් ම ඒ ගමේ ඉතිහාස සම්ප්‍රධායට ගරු කරන මිනිස්සු …. ඉතින් මේ දුව මේ ගින්නට සම්බන්ධයි කියලා සැක කරපු මේ ගමේ හිටපු කල්ලිය එක්ක එකතු වෙනවා කල්ලිය කිව්වට යාලුවෝ ටිකක් , මේ අය එක එක භයානක විකටයෝ සම්බන්ධ වීඩියෝ හදලා අන්තර්ජාලයට දාන එක විනෝදාංශයක් කර ගත්ත ගැටවරයෝ ටිකක්

මුලදි මේ සෙට් එකේ 6 දෙනෙක් ඉන්නවා ඒත් අන්තිමට ඉතුරු වෙන්නෙ දෙන්නෙක් විතරයි ඉතුරු 4 දෙනා    විකට ඇදුම් ඇදගත්ත අත්භූත පිරිසක් අතින් දරුණු විදිහට ඝාතනය වෙනවා

ඔයාලා ”ටෙරිෆයර්” ෆිල්ම් ටික බලලා තියෙනවනම් , මේකත් ඒ වයිබ් එකටම යන හොද ත්‍රිලින් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුලුවන් සෑහෙන රසවත් චිත්‍රපටියක් කියන්න පුලුවන්

පොඩි අවවාදයකුත් තියෙනවා මේකෙ ලේ වැගිරීම් දර්ශන වගේ ම පොඩි lgbtq සීන් එක්කුත් තියෙනවා , පොඩි අය එක්ක බලද්දි පරිස්සමෙන්!

ඉතින් මේ වියරු  මිනීමැරුම් පිටිපස්සෙ ඉන්නෙ කවුද , කියලා ඔයාලාම බලාගන්නකෝ …

Comments

June 28, 2025

🤡

August 17, 2025

❤️👍