EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

ඇම්බියුලන්ස් එකේ පිස්සු අන්තිම ෂිෆ්ට් එක

ඔන්න ඇක්ෂන් සහ කොමඩි (Action Comedy) පිස්සන්ට සුපිරිම භාණ්ඩයක්! Rainn Wilson (The Office බලපු අය දන්නවනේ අපේ ඩ්වයිට්ව) සහ Lil Rel Howery එකතු වෙලා දෙන පට්ටම ෆන් එකක් තමයි Code 3 කියන්නේ. Christopher Leone තමයි මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ.

කතාව යන්නේ පැය 24ක අන්තිම ෂිෆ්ට් එකක් ගැන. හැබැයි මේක නිකන්ම ෂිෆ්ට් එකක් නෙවෙයි. එක්කෙනෙක්ට රස්සාව එපා වෙලා අයින් වෙන්න බලාගෙන ඉන්න පැරාමෙඩික් (Paramedic) කෙනෙක්, අනිත් එක්කෙනා තමයි එයා වෙනුවට එන අලුත් ජෝකයා. මේ දෙන්නා එකතු වුණාම ඇම්බියුලන්ස් එක ඇතුලේ වෙන ජරමර ගැන තමයි කතාව යන්නේ.

වැඩේ කියන්නේ අන්තිම දවස ෂේප් එකේ ගෙවාගන්න හිතන් හිටියට, එදා දවසෙම සෙට් වෙන්නේ මාරම කේස් ටිකක්. වෙඩි තැබීම්, පිස්සු හැදුණු ලෙඩ්ඩු සහ මරණීය අනතුරු අස්සේ මේ දෙන්නා පණ බේරගන්න දෙන ගේම මාරම ආතල්. එක පැත්තකින් හිනා යනවා, අනිත් පැත්තෙන් හිතාගන්න බැරි ප්‍රශ්න වැලක්!

කම්මැලි නැතුව එක දිගට බලන්න පුළුවන්, හිනා වෙවී ත්‍රාසයත් විඳින්න පුළුවන් නියම ෆිල්ම් එකක් හොයනවා නම් Code 3 අනිවාර්යයෙන්ම බලන්න. ඇම්බියුලන්ස් එක ඇතුලේ වෙන මේ යුද්ධය මිස් කරගන්න එපා!

Comments

December 20, 2025

❤️