CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4538 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Cold Case (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Cold Case (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jun. 30, 2021India139 Min.
Your rating: 0
9.5 4 votes
Cold Case (2021) | සැඟවූ අපරාධය

 

2021 ජූනි මාසේ 30 වෙනිදා නිකුත්වුණ කෝල්ඩ් කේස් මලයාලම් සිනමා නිර්මාණය වෙනුවෙන් සිංහල උපසිරැසි අරගෙනයි අදත් මේ පැත්තට ආවේ. Crime – Thriller කාණ්ඩ යටතේ නිර්මාණය වෙලා තියෙන මේ නිර්මාණය විනාඩි 140 පුරාවට ප්‍රේක්ෂක ඔබට කුතුහලයෙන් පිරුණ අපරාධ පරික්ෂණ අත්දැකීමක් ගෙන දෙන බව අවිවාදයකින් තොරව කියන්න කැමතියි.

සාර්ථක ප්‍රේක්ෂක ප්‍රතිචාර වගේම විචාරක ප්‍රතිචාර හිමිකරගෙන අද වන විට 6.3/10 IMDb අගයක්, 85% ගූගල් පරිශීලක අගයක් හිමිකර ගත්ත මේ චිත්‍රපටිය Tanu Balak අධ්‍යක්ෂණයක් වගේම Sreenath V. Nath ගේ තිර රචනයක්.

කතාව ගැන කියනවා නම්, නගර සීමාවේ වැවකින් ධීවරයෙකුට කවරයක දාපු හිස් කබලක් ලැබෙනවා. ‌ මේ පිළිබඳ පොලිසියට දැනුම් දුන්නට පස්සේ හිස්කබලේ අනන්‍යතාව පිළිබඳ වෙන කිසිම හෝඩුවාවක් හොයා ගන්න අපොහොසත් වන පොලිසිය මේ හිස්කබල ඔස්සේ විමර්ශන ආරම්භ කරනවා. මේ විමර්ශන කටයුතු භාර වූ ඒසීපී සත්‍යජිත් (Prithviraj Sukumaran) ඇතුළු කණ්ඩායම විකෘතිව දිය යට තිබූ හිස්කබ‌‌ල ප්‍රයෝජනයට ගෙන විද්‍යාත්මක ක්‍රම වල සහය ඇතිව මේ මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව හොයාගෙන දුෂ්කර වූ විමර්ශනයක් ආරම්භ කරනවා.

මේ අතරෙදි රූපවාහිනී නාලිකාවක අද්භූත සිද්ධීන් ගැන වඩසටහන් ඉදිරිපත් කරන මේධා (Aditi Balan) තමන්ගේ දරුවා එක්ක නගරයේ නිවසක් කුලියට අරන් පදංචියට එනවා. ‌මේධා නිවසේ පදිංචියට ආවට පස්සේ ‌නිවස ඇතුලේ අද්භූත සිදුවීම් කීපයක් සිද්ධ වෙනවා. මේධා, අදෘශ්‍යමාන බලවේග සමඟ සන්නිවේදනය කරන කාන්තාවක් මුණ ගැහිලා, තමන්ගේ නිවසේ සිදුවන මේ අද්භූත සිද්ධි පිළිබඳව ප්‍රකාශ කරනවා. ඉන් පස්සේ ඇයගෙන් මේධාට මේ සිදුවීම් පිටුපස තියෙන අභිරහසක් පිළිබඳ දැන ගන්න ලැබෙනවා.

මේධා හා සත්‍යජිත් දෙන්නම හඹා යන්නේ එකම මරණයක් පසුපසද? මේ අනන්‍යතාව අහිමි පුද්ගලයා කවුද? ‌මේ පුද්ගලයා ඝාතනය කළේ කවුද? මොනවා වෙනුවෙන්ද? කියලා චිත්‍රපටියම බලලාම දැන ගමු.

Cold Case (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cold Case (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම රේණුකා සුභාෂිණි (Baiscopelk)
IMDb 6.1 /10 4,951 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Tanu Balak
Director

Cast

Prithviraj Sukumaran isACP Sathyajith
ACP Sathyajith
Aditi Balan isMedha Padmaja
Medha Padmaja
Pooja Mohanraj isNeela Maruthan IPS
Neela Maruthan IPS
Suchitra Pillai isSara Sakkhayi
Sara Sakkhayi
Lakshmi Priyaa isAdvocate Haritha
Advocate Haritha
Rajesh Hebbar isDr Mahesh
Dr Mahesh
Alencier Ley Lopez isChandrabhanu
Chandrabhanu

Similar titles

Beast (2022) Sinhala Subtitles | “වියරු වූ වන මෘගයා” | සිංහල උපසිරැසි සමඟ
Bhoot (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sumathi Valavu (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
RDX: Robert Dony Xavier (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aranmanai (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Action Hero Biju (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Anweshippin Kandethum (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jennifer’s Body (2009)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Show Me the Ghost (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Phone Bhoot (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Am Ah (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Blood in the Water (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published