CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
1047 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Consecration (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Consecration (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Feb. 09, 2023United Kingdom90 Min.
Your rating: 0
5.8 6 votes
Consecration (2023) | “ශාපය ආශිර්වාදයක් ලෙසින්”

 

“Consecration” කියන්නේ 2023 අවුරුද්දේ නිකුත් වුණු Horror සහ Mystery කියන ශානරයන් දෙකට අයත් සිනමාපටයක්. IMDb 5.2 ක අගයකුත්, කුණු තක්කාලි 42% ක අගයකුත් ලබාගෙන තියෙන මේ සිනමාපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ක්‍රිස්ටෝපර් ස්මිත් අධ්‍යක්ෂකවරයා විසින්. බොක්ස් ඔෆිස් ආදායම ඩොලර් මිලියන 2.4 ක් ලෙස සටහන් වෙන මේ සිනමාපටය කිතුණු කන්‍යාරාමයක් පසුබිම් කරගෙන නිර්මාණය වූවක්.

කතාව දිහාට හැරෙමු.

කතාවේ ප්‍රධාන චරිතයක් තමයි ග්‍රේස්.. ග්‍රේස් කියන්නේ ඩොක්ටර් කෙනෙක්. මෙයා තනියෙන් තමයි ජීවත් වෙන්නේ. දවසක් මෙයාට කෝල් එකක් එනවා මෙයාගේ සහෝදරයා එහෙමත් නැත්තම් මල්ලි මැරිලා කියලා. මෙතන සැකයක් පොලීසියටත් ඉතුරු වෙනවා මේක මිනීමැරුමක්ද එහෙමත් නැත්තම් සියදිවි නසා ගැනීමක්ද කියලා. කොහොමහරි මේ මරණේ සිද්ධවෙන්නේ ස්කොට්ලන්තයට ආසන්න පෞරාණික කන්‍යාරාමයක. ග්‍රේස් සහ ග්‍රේස් ගේ මල්ලි (මයිකල්) කියන දෙන්නම පොඩි කාලේ ගෙදරින් ගොඩක් පීඩාවට පත්වුණ දෙන්නෙක්. ඒ වගේ ප්‍රශ්න මැද මේ දෙන්නා අසරණ වෙලා ඉන්නකොට කන්‍යාරාමයකින් මයිකල් ව භාරගන්න කටයුතු කරනවා. ඒ වගේ පොඩි කාලේ ඉඳන් කන්‍යාරාමයක හැදුණු වැඩුණු මයිකල් අභිරහස් විදිහට කන්‍යාරාමයේදීම මැරිලා තියෙනවා. ඒ දවසෙදීම කන්‍යාරාමයේ තවත් එක පියතුමෙක්වත් මරණයට පත්වෙලා තියෙනවා. කන්‍යාරාමයේ පාලිකාව මේ සිද්ධිය වටින් ගොඩින් හංගන්න උත්සාහ කරනවා. පොලිසිය මේ සිද්ධියට මැදිහත් වෙනවා. ග්‍රේස් කියන්නේ ආගම ගැන එච්චර උනන්දු නැති කෙනෙක් වුණත්, ග්‍රේස් තමන්ගේ මල්ලිගේ මරණේ ගැන හොයන්න මේ කන්‍යාරාමයට යනවා. මයිකල් මැරෙන්න කලින් යම්කිසි ධාතුවක් එහෙමත් නැත්තම් Relic එකක් හංගගෙන තියාගන්න එහෙමත් නැත්තම් ආරක්ෂා කරගන්න උත්සාහ කරනවා. එතනින් එහාට මොකක් වෙයිද.. මොකක්ද මේ ධාතුව.. ග්‍රේස් කියන්නේ ඇත්තටම කොහොම කෙනෙක්ද.. මයිකල් කියන්නේ ඇත්තටම කොහොම කෙනෙක්ද.. අවසානය කොහොම එකක් වෙයිද.. කියන ප්‍රශ්න හතරට උත්තර ඔයාට මේ පැයයි මිනිත්තු තිස්එක අවසානෙදී දැකගන්න ලැබෙනවා.

Cast එක ගැන බලමු.

Jena Malone කියන ඇමරිකානු රංගන ශිල්පිනිය තමයි ග්‍රේස් චරිතයට පණපොවන්නේ.. ඒ වගේම Steffan Cennydd මයිකල් ගේ චරිතයටත්, Danny Huston රොමේරෝ පියතුමාගේ චරිතයටත්, Janet Suzman පාලිකාව (Mother Superior) චරිතයටත්, Thoren Ferguson ඩී.සී.අයි හැරිස් ගේ චරිතයටත් රංගනයෙන් දායක වෙනවා.

Horror චිත්‍රපට වලටම වෙන්වුණු ඒ අඳුරු මලානික Vibe එක ඔස්සේ මේ ලස්සන කතාව රසවිඳින්න හැමෝටම ආරාධනා කරනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම මලීෂ බණ්ඩාර (Cinerulk)
IMDb 5.2 /10 4,326 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Danny Huston isFather Romero
Father Romero
Thoren Ferguson isDCI Harris
DCI Harris
Ian Pirie isVincent
Vincent
Janet Suzman isMother Superior
Mother Superior
Valerie Sarruf isFemale Patient
Female Patient
Godwin To isPatient's Husband
Patient's Husband
Alexandra Lewis isSister Beth
Sister Beth

Similar titles

Home Alone 2: Lost in New York (1992) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Diary of a Wimpy Kid: Rodrick Rules (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Man from U.N.C.L.E. (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Loveyapa (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Visfot (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Money Talks (1997) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Krispy Rishtey (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dunki (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Deepwater Horizon (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Infested (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
2012 (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bill Ted Face The Music (2020) Sinhala Subtitles

(1) comment

  • Shyamila November 29, 2024 Reply

    Thank you.

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published