EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Corona Dhavan (2023) | කොරෝනා අරක්කු

නැවතත් ඔන්න මලයාලම් කොමඩියක් ගෙනාවා. IMDB 6.2 මලයාලි සිනමා රසිකයින්ට කම්මැලි නැතුව බලන්න පුළුවන් තවත් සරල චිත්‍රපටයක්.

මේකට පසුබිම් වෙන්නෙ කොරෝනාවෙ මුල් අවධිය. කොරෝනා නිසා අපහසුතාවයන්ට මුහුණ නොදීපු කෙනෙක් ලේසියෙන් හොයා ගන්න බෑ. ඒ ගැන අත්දැකීම් අපි ඔක්කොටම තියෙනවානෙ.මේකත් කියන්නෙ එහෙම අපහසුතාවන්ට පත් වූ විශේෂ පිරිසක් ගැන. ඇත්තටම මේ ඝණයට වැටෙන මිනිස්සු ඒ දවස් වල විශාල අවුලකට පත් වුනා ලොව පුරාම. පිරිසක් ඉන් මිදෙන්න විවිධ උපක්‍රම, සමහර විට හාස්‍ය ජනක, සමහර විට භයානක ක්‍රම පාවිච්චි කලා.සමහරු දුක් වින්දා. සමහරු එයින් මිදුනා. කොහොම උනත් මේ පිරිස වෙනුවෙන් කවුරුත් කතා කලේ නෑ අඩු ගාණෙ පවුලෙ උදවියවත්.කවුද මේ කට්ටිය? සරලවම කියනව නම් බේබද්දෝ.පුංචි පුංචි අය ඉඳල අන්තිම දරුණු අය වෙනකල් මේ අය ලෝකෙ පුරා විවිධ ගැටළු වලට මුහුණ දුන්නා. අපේ රටෙත් අත් දැකීම් ඕනෙ තරම් තියෙනවානේ. මතට ලොල් කේරළයේ එකතරා කුඩා නගරයක බේබද්දන් මෙන්ම එහි සුරාබදු නිළධාරීන් සහ පොලිසිය ගැනයි මේ කතාව.

ප්‍රධාන චරිතය විනූ නම් තරුණයාත් බේබද්දෙක්ම තමා.එහේ වඩාත්ම ලාභම මත් පැන් පානය ධවාන්. විනූ ඒකට කොච්චර ඇබ්බැහි උනාද කියන්නෙ ගමේ ඔහුට’ ධවාන් විනූ’ කියලා නමකුත් පට බැඳිලා.කොහොම උනත් එයාගෙ නංගිගෙ කසාදෙ කරන්නයි කට්ටිය ලෑස්ති වෙන්නෙ. විනූත් කට්ටියට සලකන්න ධවාන් බෝතල් 35ක්ම ගෙනත් තියාගෙන ඉන්නෙ. ඔන්න කසාදෙ දවසෙ රාත්‍රිය. උත්සවය ලෑස්තියි.බෝතල් කඩන්නත් ඔන්න මෙන්න. මලයාලම් රසිකයො නම් චිත්‍රපටි වල මේ වගෙ අවස්ථා බොහොමයක් දැකල ඇති. ඔන්න කරන්ට් එක යනවා.එතකොට වෙන දේත් අපේ රසිකයො දන්නවා. ඔව් කෙල්ල මිසිං.

නංගි පැනල ගියාම විනූ හොදටම ලජ්ජාවට පත් වෙලා ගෙදරින් එළියට වත් යන්නෙ නෑ.ඔන්න කොරෝනාව ගමට ඇවිත්. රටම ලොක් ඩවුන්. අවුලෙන් හිටපු විනූට දන්නෙම නැතුව හතර මහ නිධානය පහළ වෙලා.ධවාන් බෝතල් ටික.අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ දන්නවනේ හේතුව.බඩු නැති නිසා යාලුවො,නෑදෑයො, ගමේ මිනිස්සු පෝලිමේ විනූ හොයා ගෙන එනවා අරක්කු ඉල්ලන්න.ඒත් විනූ දන්නවා ටිකක් විතර ඉකොනොමික්ස්. එයා ඒව විකුණන්නෙ නෑ.රත්තරං වගේ පරිස්සං කරනවා අවස්ථාව එනකල්. නගරෙ පොලිසියත් සුරාබදු නිලධාරීනුත් අතර ලොකු තරඟයක් අරක්කු අල්ලන්න. ඒත් එයාලටත් තියෙන්නෙ සුළු පටු ප්‍රශ්ණ නෙමෙයි.පලාතෙ චණ්ඩියගෙ මල්ලිට අරක්කු සික් එක ගහල පිස්සු කෙලිනවා.එයත් පළාත පීරල අරක්කු හොයනව. කොරෝනාව නගරය වෙලා ගන්න අතරෙ දැන් සේරම දැන් විනූට බැල්ම දානවා.ඉතින් කතා අතුරු කතා රැසක් ලස්සනට ගලපලා වේගයෙන් ගලා ගෙන යන ලස්සන කොමඩියක් නිර්මානය වෙලා තියෙනවා අන්තිමට. සමහරුන්ට දිරවන්නෙ නැති වෙයි මේකෙ අන්තර් ගතය. කවදාවත් ටී වී චැනල් එකකින් පෙන්නයි කියල හිතන්නවත් එපා. අරක්කු නිසා ෆිල්ම් එකම කොටු කොටු තමයි. ඒ නිසා මග අරින්න එපා බලන අය බලන්න.

Lukman Avaran, Sreenath Bhasi, Johny Antony, Sruthy Jayan, Sarath Sabha වැනි ජනප්‍රිය නළු නිළි කැලක්ම මේකෙ රඟ පානවා. මේක C.C. Nithin ගෙ දෙවෙනි චිත්‍රපටය. මලයාලියෙන් ‘මදි’ කියන්නෙ අපි ‘ඇති’ කියන වචනෙට.එහෙනම් අදට මේ “මදි”

නැවත හමු වෙමු.

Comments