EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Customs Frontline (2024) | “රේගු පෙරමුණ”

 

ආ… මෙන්න එනවා හොංකොං වලින් තවත් සුපිරි Action පාරක්! 😎 හිතන්නකෝ එක පැත්තකින් ගුරා, අනික් පැත්තෙන් ගෝලයා. දෙන්නම රේගුවේ වැඩ කරන නියම පොරවල් 💪. චව් චිං-ලායි (ගෝලයා) සහ චියුන් වන්-නාම් (ගුරා) කියන්නේ පට්ටම එකට වැඩ කරන දෙන්නෙක්. හැබැයි ඉතින්, නීති විරෝධී ආයුධ ජාවාරමක් පස්සේ පන්නද්දී තමයි ඔක්කොම පටලැවෙන්නේ. 🤯

ගෝලයා ඉන්ටපෝල් එක්ක එකතු වෙලා ලොකු කෙරුමෙක්ව අල්ලන්න ලෑස්ති වෙද්දී, කවුද හිතුවේ ගුරාම පිටියට බැහැලා මුළු ගේම වෙනස් කරයි කියලා? 😉 පොර ගන්න තීරණයක් නිසා මුළු මෙහෙයුමම අවුල් ජාලයක් වෙනවා. ඇයි ගුරා එහෙම කළේ? මේක පාවාදීමක්ද, නැත්නම් ඊට වඩා ලොකු දෙයක් පිටිපස්සේ තියෙනවද? ඒක දැනගන්න නම් මේ සටන බලන්නම වෙනවා! 💥

✍️ උපසිරැසියට ජීවය දුන් මගේ අදහස (My Opinion as the Subtitler):

මේ චිත්‍රපටියට උපසිරැසි ගන්වපු කෙනා විදියට මට මේක ගැන දැනෙන දේ තමා… මේක නිකන්ම නිකන් වෙඩි තියාගන්න ෆිල්ම් එකක් නෙවෙයි. නිකලස් සේ (Nicholas Tse) සහ ජැකී චියුන්ග් (Jacky Cheung) කියන්නේ ඉතින් හොංකොං සිනමාවේ දැවැන්තයෝ දෙන්නෙක්නේ. ඒ දෙන්නා අතර තියෙන ගුරු-ගෝල සම්බන්ධය, පස්සේ ඒක ගැටුමක් බවට පත්වෙන විදිය මාරම ලස්සනට පෙන්නනවා. 🥺❤️

Action නම් Action, Thriller නම් Thriller. 🔫💥 වෙඩි සද්ද වලින්, හඹායාම් වලින් අඩුවක් නම් නෑ. ඒත් එක්කම, කතාවේ තියෙන අර අභිරහස, ඒ කියන්නේ ඇයි අර ගුරා වගේ හිටපු කෙනා එකපාරටම පාර පනින්නේ කියන එක, ෆිල්ම් එක ඉවරවෙනකම්ම අපිව බැඳලා තියාගන්නවා. IMDb අගය පොඩ්ඩක් අඩු වුණාට, හොංකොං Action/Thriller ෆිල්ම් වලට ආස කෙනෙක් නම්, මේක අනිවාර්යයෙන් බලන්න ඕන ෆිල්ම් එකක්. කම්මැලි කමක් නම් එන එකක් නෑ කියලා සහතිකයි! 👍

Comments

December 28, 2025

❤️