EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageDead Sea (2024) | මහ සයුරේදී කබලෙන් ලිපට
පසුගිය 2024 ජුලි 26 දින ඇමෙරිකාවේදී සීමිත තිරගත කිරීමක් ලෙස නිකුත්වුනු Dead Sea, විනාඩි 88 ක ධාවන කාලයකින් යුක්ත
Thriller, Drama, Horror, Crime යන කැටගරිවලට අයත්වෙන සිනමා නිර්මාණයක්. මේක මුලින් Flycatcher යන නමිනුත් හැඳින්වුනා. කතාව සහ අධ්‍යක්ෂනය Phil Volken. රංගනයෙන් එකතු වුනා Isabel Gravitt ( කායා ඇඩම්ස් ), Genneya Walton (ටෙසා), Koa Tom (සැන්ඩර්), Garrett Wareing (ජුලියන්), Alexander Wraith (රේ) සහ Dean Cameron ( ඩොක්ටර් ).
තරුණියෝ දෙන්නෙක් වන කායා සහ ටෙසා පොඩි කාලෙ ඉඳන්ම අඹ යාලුවෝ. ටෙසාගෙ පෙම්වතා වන ජුලියන් සහ ඔහුගේ මිතුරු සැන්ඩර් සමඟ මේ දෙන්නා බහමාස් දූපත් වලට සංචාරයක් යනවා. ඒ ජෙට්-ස්කී දෙකක. ආපසු එන ගමනේදී මෙයාලගෙ කෙලිලොල් බව නිසාම ජෙට්-ස්කී අනතුරකට මූණපානවා. සැන්ඩර් සහ ටෙසා තදබල ලෙස තුවාල ලබන අතර ජුලියන් අතුරුදහන් වෙනවා. ජීවිතයත් මරණයත් අතර මහ මුහුදේ අතරමං වී සිටින මෙයාලව ධීවර බෝට්ටුවකින් බේරගන්නවා. එහි ඉන්නේ රේ නමැති හැඩිදැඩි පුද්ගලයෙක් පමණයි. වැඩි වෙලාවක් නොගිහින්ම මෙයාලට අවබෝධවෙනවා ඔවුන් කබලෙන් ලිපට වැටුනු වග. මේ රේ කවුද? ඈත මහ මුහුදේ ඔහු තනියම මොකද කරන්නෙ. “ඩෙඩ් සී” බලමු.
Share
Links
Comments












