EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageDear Vaappi (2023) | “ආදරණීය තාත්තා”
IMDB දර්ශකේ 7.0 ක් වගේ ඉහළ අඟයක් ගන්න “ඩියර් වාප්පි” සමත් වෙලා තියනවා. ප්‍රසිද්ධ මලයාලම් නළුවෙක් වෙන ලාල් මෙහි රංගන දායකත්වය දක්වනවා. එමෙන්ම නවක නළු නිළි රැසකගේ දායකත්වය මේ ෆිල්ම් එකට ලැබිල තියනවා. ජීවිතේ පැමිණෙන බාධක සමඟ ඉදිරියට ගලා ගෙන යන පියෙක් සහ දියණියක් අතර ඇති අපූරු බැඳීම තේමා කරගත්තු කතා තේමාවකින් සමන්විත වෙලා තියන්වා.මුස්ලිම් මලයාලම් පරිසරයක් මත ගොඩ නැගුණු චරිත් වටා ගෙතුනු කතාවක් මෙහි දකින්න පුලුවන්. මෙහි සඳහන් “වාප්පි” කියන වචනයත් මලයාලම් මුස්ලිම් වරුන් පාවිච්චි කරන වචනයක් විදියට සඳහන් කරන්න පුළුවන්.
කතාව පැත්තට හැරුණොත් බැඳීම් මූලික කර ගත් පියෙක් සහ දියණියක් ජිවිතය ජය ගන්න දරණ උත්සාහය මෙහි දකින්න පුළුවන්. බෂීර් නම් ටේලර් වරයෙක් තම කුඩා කල සිට පැවති නිර්මාණාත්මක අදහස් සමඟ තමා සිහින මැවූ නිමිඇඳුම් අපනයන ව්‍යාපාරයක් ආරම්භ කිරීමට දරණ උත්සාහය චිත්‍රපටිය පුරාම දකින්න පුළුවන් ඒ වගේම බෂීර් ටත් ඔහුගේ දියණිය ආමිරා ටත් මේක ජය ගන්න පුළුවන් වෙයිද කියල බලන්න මේ චිත්‍රපටිය නරඹන්න කියල ආරාධනා කරනවා.

