EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageDeath Wish: The Face of Death (1994) AKA Death Wish V: The Face of Death Sinhala Subtitles | මරණයේ මුහුණත [සිංහල උපසිරසි]
Death Wish මුල් චිත්‍රපට බලපු ඔයාලට පෝල් කර්සි ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. බොහොම සාමකාමී විදිහට නීතිගරුකව තම පවුලත් එක්ක ජීවත් වෙන පෝල් කර්සිට, නගරයේ සිටින ඇතැම් මැර කල්ලි විසින් එයාගේ පවුලේ උදවිය කර්සිගෙන් ඈත් කරද්දි, නීතියෙන් සරණක් නැති තැන ඔහු නීතිය අතට ගන්නවා යුක්තිය ඉටු කරන්න.
නිර්නාමිකව සිදු කරන මේ පලිගැනීම නිසා ඒ මැර කල්ලි විනාශවෙලා යනවා. ආරක්ෂක අංශ වලටත් ඒක යම් අස්වැසිල්ලක්. වතක් දෙවතාවක් නෙවෙයි සිව් වතාවක්ම අවාසනාව පෝල් කර්සිව හොයාගෙන එනවා. මේ සියළු හැලහැප්පීම් අවසානයේ පෝල් කර්සි, පෝල් ස්ටුවර්ට් ලෙස ගෘහ නිර්මාණ ශිල්පය උගන්වන මහාචාර්ය වරයෙක් විදිහට අළුතින් ජීවිතේ පටන් ගෙන තම සහකාරිය විදිහට තෝරාගන්නේ නීතියෙන් වෙන්වුන ඇදුම් විලාසිතා නිර්මාණ ශිල්පිනියක් වන ඔලිවියා රීජන්ට්වයි. ඒත් ඇගෙන් වෙන්වුන සැමියා ටොමී ඔෂේයි ඇගේ ව්‍යාපාර කටයුතු වලට එබිකම් කරන්නේ තම නීතිවිරෝධී කලු සල්ලි මේ ව්‍යාපාරය හරහා මාරුකරගන්නයි. තවමත් කර්සිගෙන් අවාසනාව අයින් වෙලා නෑ. අද හෙට විවාහ වෙන්න හිටිය ඔලිවියාගේ වියෝවත් එක්ක පෝල් කර්සි නැවතත් නීතිය අතට ගන්නවා.
Death Wish විත්‍රපට මාලාවේ පස්වන කොටස
Death Wish V: The Face of Death
1994 ජනවාරි 14 වනදා මුලින්ම තිරගත වීම ආරම්භ කල මෙම චිත්‍රපටයේ තිර රචනය හා අධ්‍යක්ෂණය Allan A. Goldstein විසිනි. Damian Lee නිෂ්පාදනය කල මෙම චිත්‍රපටයේ සුපුරුදු පෝල් කර්සි ලෙස Charles Bronson රංගනයෙන් දායක වේ. තවද Lesley-Anne Down ඔලිවියා ලෙසත්, Michael Parks ටොමී ලෙසත්, Saul Rubinek බ්‍රයන් ලෙසත් මෙහි රංගනයෙන් එකතු වෙනවා. විනාඩි 95ක ධාවන කාලයකින් යුත් මෙම චිත්‍රපටයේ නිෂ්පාදන වියදම ඩොලර් මිලියන 5ක් වුවත් බොක්ස් ඔෆීස් ආදායම නම් එච්චර සුබදායි නැහැ. IMDb අගය 4.8 වන අතර ගූගල් පරිශීලකයින්ගෙන් 82%ක මනාපය ලැබිලා තියනවා.
පොරොන්දු වන විදිහටම ඔන්න Death Wish චිත්‍රපට මාලාව සම්පූර්ණ කලා.
ඒ වගේම 1974 තිරගත වුන Death Wish පළමු චිත්‍රපටයේ නැවත නිර්මාණයක් Death Wish 2018 තිරගත වුනා. මෙය මේ චිත්‍රපට මාලාවේ 06 වන චිත්‍රපටය කියලත් හඳුන්වනවා. බයිස්කෝප් අඩවියේ ලහිරු ප්‍රසාද් සහෝදරයා එම චිත්‍රපටය සිංහල උපසිරසි ගන්වලා තියනවා. ඒ චිත්‍රපටයත් බලන්න කියලා ආරාධනා කරන ගමන්ම අදට මං සමුගන්නවා.




