CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3503 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Detective Chinatown 2 (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Detective Chinatown 2 (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Feb. 16, 2018China121 Min.
Your rating: 0
9.2 5 votes
Detective Chinatown 2 (2018) Aka Tang ren jie tan an 2 | නිව්යෝක් හොල්ලන චීන රහස් පරික්ෂකයෝ!!

මේ ගෙනාවෙ මේ ව⁣සරෙ දැනට ලෝකෙ වැඩිම ආදායමක් ලැබූ චිත්‍රපටි 10 අතරින් 10 වෙනි තැන තියෙන සුපිරි ගණයෙ චීන, ඉංග්‍රීසි රහස් පරික්ෂක, කොමඩි චිත්‍රපටයක්. මුල ඉඳන් කම්මැලි නැතුව බලන්න පුළුවන්, රසවත් තොරතුරු පිරුන, රහස් පරික්ෂක තේමාව යටතේ නිර්මාණය වුන චිත්‍රපටයක් කිව්වොත් නිවැරදියි.

මේ තියෙන්නෙ මේ වසරෙ දැනට වැඩිම ආදායම් ලබපු චිත්‍රපට 10.

1. Avengers: Infinity War – $2,046,470,714
2. Black Panther – $1,346,862,917
3. Jurassic World: Fallen Kingdom – $1,303,476,615
4. Incredible 2 – $1,195,154,358
5. Mission: Impossible – $777,939,667
6. Deadpool – $734,228,984
7. Ant-Man and the Wasp – $617,303,021
8. Ready Player One – $582,218,455
9. Operation Red Sea – $579,220,560
10. Detective Chinatown 2 – $544,061,916

ඒ වගේම, මේ චිත්‍රපටිය මෙතෙක් චීන සිනමාවෙ වැඩිම ආදායමක් ලබපු 3 වෙනි චිත්‍රපටයද වෙනවා. බඩ අල්ලන් හිනාවෙන්න පුළුවන් තැන් පිරිලා. උපසිරසියෙන් සාධාරණයක් කලා කියලා හිතනවා. කොහොමහරි විනෝද වෙන්න කැමති අයට මේක බලන්න පුළුවන්. මේ චිත්‍රපටිය, 2015 නිකුත් වුන Detective Chinatown චිත්‍රපටියෙ දෙවනි දිගහැරීම.

– අධ්‍යක්ෂණය කරන්නෙ Chen Sicheng,
– පලමු නිකුත් වීම වුනෙ 2018 පෙබරවාරි 16
– රංඟනයෙන් දායක වෙන්නෙ Wang Baoqiang
– ලැබූ ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 544ක්.
– ධාවන කාලය පැය 2යි.

කතාව පැත්තට හැරුනොක් ⁣චින් කියන්නෙ චීනෙ පොලිස් ඇකඩමියෙ පළවෙනි වසරෙ ඉගෙන ගන්න සිසුවෙක්. එයා ගොඩක් බුද්ධිමත්, රහස් පරික්ෂක නඩු විසඳන්න ලොකු හැකියාවක් තියෙන කෙනෙක්. එයයි ටැන්ග් ⁣රෙන් කියන එයාගෙ මාමයි එකතු වෙලා පළවෙනි චිත්‍රපටියෙදි රන් මංකොල්ලයක් අල්ලනවා. මේ චිත්‍රපටියෙදි වෙන්නෙ, මේ ටැන්ග්, චින්ට ඇමරිකාවෙ නිව්යෝක් වල චයිනා ටවුන් වලට එන්න කියලා පණිවිඩයක් යවනවා, මොකද එයා කසාද බඳින නිසා. චින් මේ කසාදෙට ඇමරිකාවට ගියත් මාමා එයාව මුල ඉඳන් රවට්ටනවා කියලා තේරුම් ගන්නවා. ටැන්ග්, චින්ව එක්කන් එන්නෙ ලොකු මිනීමැරුම් අභිරහසක් විසඳන්න. ඒ තමයි චයිනාටවුන් රජ කරන අන්කල් සෙවන් කියන කෙනාගෙ මුණුපුරාව මරලා දාපු මිනීමරුවව අල්ලගන්න. මේ මිනීමරුවව අල්ලගන්න කෙනාට අන්කල් සෙවන් මිලියන 5ක් දෙනවා කියලා පොරොන්දු වෙනවා. ඒත් මෙතනට එන රහස්පරික්ෂකයො ඒ දෙන්නා විතරක් නෙවෙයි. ලෝකෙ ප්‍රසිද්ධම මොළකාරයො මේකට සම්බන්ධ වෙනවා. මෙතනදි මිනීමරුවව අල්ලගන්න ලොකු තරඟයක් ඇති වෙනවා. ඒ වගේම මේක එන්න එන්න ගොඩක් සංකීර්ණ මිනීමැරුමක් කියලා තේරුම් යන්න වැඩිකල් යන්නෙ නෑ. ඉතින් මේ චිත්‍රපටියත් වෙනදා වගේම නරඹන්න, රසවිඳින්න ආරාධනා කරනවා.

“There is no perfect crime”

“The truth has always been in front of us, just buried under all the noise, Our work as detectives is to filter it out leaving only the essential details”

“කිසිම අපරාධයක් සර්ව සම්පූර්ණ නෑ.”
“සත්‍ය හැම මොහොතෙම අපි ඉදිරියෙ තිබෙනවා. ඝෝෂාවන් අතර වැළලිලා. පරික්ෂකයන්ගෙ රාජකාරිය වන්නේ ඒ අතරින් සාරය පෙරාගැනීමයි.”
– ෂර්ලොක් හෝම්ස් –

Detective Chinatown 2 (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Detective Chinatown 2 (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Detective Chinatown 2 (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම නවෝදනී තිළිණි (Baiscopelk)
IMDb 6.1 /10 2,897 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Chen Sicheng
Director

Cast

Xiao Yang is宋义
宋义
Bai Ling isFortune Teller
Fortune Teller
Wang Xun is陆国富
陆国富
Michael Pitt isDr. Springfield
Dr. Springfield
Yuen Wah is莫友乾
莫友乾

Similar titles

Sankranthiki Vasthunam (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Nun II (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vijay 69 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Rundown (2003) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Knight Before Christmas (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Scooby-Doo! Meets Courage the Cowardly Dog (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sonic the Hedgehog 3 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Birthday Boy (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Patrick the Pug (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mastizaade (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Judwaa 2 (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
KnockOut (2020) With Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published