EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Detective Chinatown 2 (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Chen Sicheng, Matt Power, Stephen Apicella
Cast
Go Full Cast PageDetective Chinatown 2 (2018) Aka Tang ren jie tan an 2 | නිව්යෝක් හොල්ලන චීන රහස් පරික්ෂකයෝ!!
මේ ගෙනාවෙ මේ වසරෙ දැනට ලෝකෙ වැඩිම ආදායමක් ලැබූ චිත්‍රපටි 10 අතරින් 10 වෙනි තැන තියෙන සුපිරි ගණයෙ චීන, ඉංග්‍රීසි රහස් පරික්ෂක, කොමඩි චිත්‍රපටයක්. මුල ඉඳන් කම්මැලි නැතුව බලන්න පුළුවන්, රසවත් තොරතුරු පිරුන, රහස් පරික්ෂක තේමාව යටතේ නිර්මාණය වුන චිත්‍රපටයක් කිව්වොත් නිවැරදියි.
මේ තියෙන්නෙ මේ වසරෙ දැනට වැඩිම ආදායම් ලබපු චිත්‍රපට 10.
1. Avengers: Infinity War – $2,046,470,714
2. Black Panther – $1,346,862,917
3. Jurassic World: Fallen Kingdom – $1,303,476,615
4. Incredible 2 – $1,195,154,358
5. Mission: Impossible – $777,939,667
6. Deadpool – $734,228,984
7. Ant-Man and the Wasp – $617,303,021
8. Ready Player One – $582,218,455
9. Operation Red Sea – $579,220,560
10. Detective Chinatown 2 – $544,061,916
ඒ වගේම, මේ චිත්‍රපටිය මෙතෙක් චීන සිනමාවෙ වැඩිම ආදායමක් ලබපු 3 වෙනි චිත්‍රපටයද වෙනවා. බඩ අල්ලන් හිනාවෙන්න පුළුවන් තැන් පිරිලා. උපසිරසියෙන් සාධාරණයක් කලා කියලා හිතනවා. කොහොමහරි විනෝද වෙන්න කැමති අයට මේක බලන්න පුළුවන්. මේ චිත්‍රපටිය, 2015 නිකුත් වුන Detective Chinatown චිත්‍රපටියෙ දෙවනි දිගහැරීම.
– අධ්‍යක්ෂණය කරන්නෙ Chen Sicheng,
– පලමු නිකුත් වීම වුනෙ 2018 පෙබරවාරි 16
– රංඟනයෙන් දායක වෙන්නෙ Wang Baoqiang
– ලැබූ ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 544ක්.
– ධාවන කාලය පැය 2යි.
කතාව පැත්තට හැරුනොක් චින් කියන්නෙ චීනෙ පොලිස් ඇකඩමියෙ පළවෙනි වසරෙ ඉගෙන ගන්න සිසුවෙක්. එයා ගොඩක් බුද්ධිමත්, රහස් පරික්ෂක නඩු විසඳන්න ලොකු හැකියාවක් තියෙන කෙනෙක්. එයයි ටැන්ග් රෙන් කියන එයාගෙ මාමයි එකතු වෙලා පළවෙනි චිත්‍රපටියෙදි රන් මංකොල්ලයක් අල්ලනවා. මේ චිත්‍රපටියෙදි වෙන්නෙ, මේ ටැන්ග්, චින්ට ඇමරිකාවෙ නිව්යෝක් වල චයිනා ටවුන් වලට එන්න කියලා පණිවිඩයක් යවනවා, මොකද එයා කසාද බඳින නිසා. චින් මේ කසාදෙට ඇමරිකාවට ගියත් මාමා එයාව මුල ඉඳන් රවට්ටනවා කියලා තේරුම් ගන්නවා. ටැන්ග්, චින්ව එක්කන් එන්නෙ ලොකු මිනීමැරුම් අභිරහසක් විසඳන්න. ඒ තමයි චයිනාටවුන් රජ කරන අන්කල් සෙවන් කියන කෙනාගෙ මුණුපුරාව මරලා දාපු මිනීමරුවව අල්ලගන්න. මේ මිනීමරුවව අල්ලගන්න කෙනාට අන්කල් සෙවන් මිලියන 5ක් දෙනවා කියලා පොරොන්දු වෙනවා. ඒත් මෙතනට එන රහස්පරික්ෂකයො ඒ දෙන්නා විතරක් නෙවෙයි. ලෝකෙ ප්‍රසිද්ධම මොළකාරයො මේකට සම්බන්ධ වෙනවා. මෙතනදි මිනීමරුවව අල්ලගන්න ලොකු තරඟයක් ඇති වෙනවා. ඒ වගේම මේක එන්න එන්න ගොඩක් සංකීර්ණ මිනීමැරුමක් කියලා තේරුම් යන්න වැඩිකල් යන්නෙ නෑ. ඉතින් මේ චිත්‍රපටියත් වෙනදා වගේම නරඹන්න, රසවිඳින්න ආරාධනා කරනවා.
“There is no perfect crime”
“The truth has always been in front of us, just buried under all the noise, Our work as detectives is to filter it out leaving only the essential details”
“කිසිම අපරාධයක් සර්ව සම්පූර්ණ නෑ.”
“සත්‍ය හැම මොහොතෙම අපි ඉදිරියෙ තිබෙනවා. ඝෝෂාවන් අතර වැළලිලා. පරික්ෂකයන්ගෙ රාජකාරිය වන්නේ ඒ අතරින් සාරය පෙරාගැනීමයි.”
– ෂර්ලොක් හෝම්ස් –
- Detective Chinatown 1 (2015)
- Detective Chinatown 2 (2018)
- Detective Chinatown 3 (2021)




