CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Detective Ujjwalan (2025) | බිල්ලෙක් පසුපස

 

මේකත් අමුතුම කතාවක් තියෙන ලස්සන mystery comedy සිනමා පටයක්. අවසානය වෙන කල් සෑහෙන කුතුහලයක් තියාගෙන ඉන්න ඕනෙ මොකද වෙන්න කියල බලන්න. ඉතින් කම්මැලි නැතුව බලන්න පුළුවන්.

ධ්‍යාන් ශ්‍රීනිවසන් ප්‍රධාන චරිතය රඟන මෙහි සිජු විල්සන්, රොනී ඩේවිඩ්, කොට්ටායම් නසීර්, සීමාඅ ජී නායර් වැනි නළු නිළියන් රඟපානවා. ගෝපික්‍රිෂ්ණන් සහ රාහුල් ජී ගේ අධ්‍යක්ෂනයක්.

කතාව පැත්තට ගියොත් කුඩා ගමක ඉන්න තරුණයෙක් තමයි උජ්වලන් කියන්නෙ. අපරාධ රහිත මේ ගමේ පොඩි පොඩි හොරකම් නඩු හබ විසඳන්නෙ ගමේ පොලිසිය නෙමෙයි ඔය කියන උජ්වලන් තමයි. ඉතින් වැඩිය වැඩක් නැති මේ ගමේ පොලිසියත් උජ්වලන්ගෙන් තමයි උපදෙස් ගන්නෙ. මෙච්චර සාමකාමී ගමට එක පාර හෙණ ගෙඩියක් පාත් වෙනවා. මිනී මැරුමක්. මොනවද කරන්නෙ කියල අත් දැකීමක් නැති පොලිසිය මේකටත් උජ්වලන් වෙත යොමු වෙනවා. තව මිනී මැරුමක්. එන පොට හොඳ නෑ. ඝාතන රැල්ලක් මතු වෙමින් පවතිනවා. ඒ අනුව ඒ සඳහා ශම්බු නම් පොලිස් පරීක්ෂකයාගේ නායකත්වය ඇතිව පොලිස් විමර්ශන කණ්ඩායමක් එනවා. දැන් පොලිස් කණ්ඩායම සහ පුද්ගලික රහස් පරීක්ෂකයා අතර මිනී මැරුම සොයා ගන්න සුන්දර තරඟයක්. මොනව වෙයිද? කවුරු ජය ගනීද? ඝාතකයා කවුද? ඔහු අසු වේද? මේ සියල්ලන්ටම උත්තර මේක බැලුවම ලැබෙයි.

Comments

August 19, 2025

👍❤️