EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

ඝාතන වැලක අභිරහස

මලයාලම් සිනමාව කියන්නේ ත්‍රාසජනක (Thriller) චිත්‍රපට වලට ලෝකෙම නමක් දිනාගත්ත ඉන්ඩස්ට්‍රි එකක්. 2025 වසරේ අගභාගයේ තිරගත වුණු “Dheeram” කියන්නෙත් ප්‍රේක්ෂකයින්ව කුතුහලයෙන් බැඳලා තියාගන්න පුළුවන් පට්ටම Investigative Thriller එකක්. මෙහි ප්‍රධාන චරිතය වන ACP ස්ටාලින් ජෝසප් විදිහට රංගනයෙන් දායක වෙන්නේ දක්ෂ නළු ඉන්ද්‍රජිත් සුකුමාරන්.
කැලික්ට් නගරයේ රාත්‍රී සමාජ ශාලාවක රථගාලක සිදුවන මිනීමැරුමකින් කතාව ආරම්භ වෙනවා. මේක සාමාන්‍ය මිනීමැරුමක් කියලා මුලින් හිතුවත්, විමර්ශන ඉදිරියට යද්දී මේක එකිනෙකට සම්බන්ධ දාම ඝාතන පෙළක ආරම්භයක් බව ACP ස්ටාලින්ට තේරුම් යනවා. කතාව පුරාවටම හිතාගන්න බැරි කතාවේ හැරවුම් ලක්ෂ්‍ ගොඩක් තියෙනවා. මුල ඉඳන් අගටම කුතුහලය උපරිමයෙන් තියෙන, අඳුරු සහ ගැඹුරු කතාවක් හොයන අයට Dheeram කියන්නේ අනිවාර්යයෙන්ම බලන්න වටින ෆිල්ම් එකක්.

Comments