EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Dhoomam (2023) | දුම්

Dhoomam (2023) Sinhala Subtitles

කාලයක් තිස්සෙ බලාගෙන හිටපු මේ මලයාලම් Mystery, thriller ඝනයේ චිත්‍රපටිය නොවැම්බර් 30 දින OTT නිකුත් උනා. IMDB අගය 5.6ක් උනත් මට නම් මේක 2023 වසරේ නිකුත් කරපු හොඳම මේ ඝනයේ චිත්‍රපට වලින් එකක්. කොටින්ම කිව්වොත් බැලිය යුතුම එකක්.

මීට කලින් මම කොරෝනා ධවාන් චිත්‍රපටයේ උපසිරැසිය ඉදිරි පත් කලා.ඒකෙ කතා කලේ මත් පැන් ගැන. මේකෙ කතා කරන්නෙ දුම් පානය ගැන.ඔබ දන්නවනෙ ඉන්දියානු චිත්‍රපට ප්‍රදර්ශනයට කලින් ප්‍රචාරය වන දුම් වැටි සම්බන්ධ ප්‍රචාරක දැන් වීම්? ඉන්දියාවෙත් සෙසු රට වල වගේම විශාල ආදායමක් ලැබෙන මාර්ගයක් තමයි දුම් වැටි සඳහා අය කරන බදු.එක් පැත්තකින් දුම් පානය සඳහා විවිධ නීති රීති සීමා රැසක් පනවමින් එය වලක්වන්න කටයුතු කරන ගමන් අනිත් පැත්තෙන් දුම් වැටියකට පනවන බදු මත යැපෙන එකම රට ඉන්දියාව නෙමෙයිනේ. මේ කතාව දුම් පානය ගැන අමුතුවෙන්ම හිතන්න වෙන පැත්තකට ඔබව ගෙන යනවා

අවිනාශ් කේරළයෙන් බංගලෝරයට රැකියාවක් සොයාගෙන එන තරුණයෙක්. ඔහුගේ දක්ෂතාව හඳුනා ගෙන සිය සමාගමේ අළෙවි අංශයට ඔහුව බඳවා ගන්නේ සිද්ධාර්ත් නැමති තවත් තරුණයෙක්. ඔහු සිය පියාට අයත් විශාල දුම්කොළ සමාගමක කලමණාකාර අධ්‍යක්ෂක ධුරයට පත් වන්නේ අවිනාශ්ව සේවයට බඳවා ගන්නා දිනයේමයි.අවිනාශ්ගේ දක්ෂ අළෙවි කරණ හැකියාව මත ඔවුන්ගේ සිගරට් නිශ්පාදනය සීඝ්‍ර ලෙස ඉහළ යනවා.ඔවුන්ගේ ඉලක්කය නව පරම්පරාව.අවි සහ සිඩ් දැන් හොඳම මිතුරන්.හොඳ සහකාරියකුත් හොයාගෙන අවිනාශ් දැන් සිය ජීවිතේ ස්ථාවර තත්වයකට ගෙන එන්න පටන් ගත්තා විතරයි.

සිද්ධාර්ත්ට සතුරන් ගොඩයි.සමාගමේ මුල් පුටුවට ඇස ගසා ගෙන සිටින තමන්ගේම මාමා ප්‍රවීන්, ඔවුන් සමග නීති විරෝධී වයාපාරයකට අර අඳින ඇමති වරයෙක්, චීන දුම්කොළ සමාගම් විතරක් නොවෙයි දුම් පානයට ඇබ්බැහි වීම නිසා ජීවිතය විනාශවූ පුද්ගලයින්ගේ ඥාතීන්. මේ සියළු සතුරන් මැද සාර්ථකත්වය සොයා ඉදිරියට යන්න කරන උත්සාහය මැද එක් දිනක් සිදුවන සිදු වීමක්. එය පිටිපස ඉන්නෙ කවුද? Spoil කරන්න හොඳ නෑ කතාව බලන්න. ඔබ දුම් පානයට ඇබ්බැහි වෙලා නම්, හෝ දුම් වැටි අළෙවි කරන්නේ නම් හදවතට එකඟව හිතන්න මේ කතාව නරඹලා.

මේකෙ පෝස්ටරය දැකපු දා සිටම ආශාවෙන් හිටියෙ මේක බලන්න වෙන මොකක් වත් නෙමෙයි මම ඇබ්බැහි වෙලා හිටපු එක පුරුද්දක් නිසා. ඒ තමයි ෆෆා ගෙ රඟපෑම්. Fahadh Fazil මේ චිත්‍ර පටයෙත් සිය චරිතයට ඉතා සාධාරණයක් ඉටු කරල තියෙනවා අවිනාශ් ලෙස. Roshan Mathew සිඩ් ලෙසත්, සහ Aparna Balamurali දියා(අවිනාශ්ගේ බිරිඳ) ලෙසත් මෙහි දක්ෂ රංගනයක නිරත වෙනවා. Pawan Kumar අධ්‍යක්ෂණයෙන් දායක වෙලා තියෙනවා.2023 අවසන් වෙමින් යන මොහොතේ මලයාලි රසිකයින්ට නැරඹිය හැකි තවත් සුපිරියක් තමයි මේ.

Comments