EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Downfall (2004) | කෘර පාලනයක අවසානය

ඔයාල හැමෝම දන්නවා ඇතිනේ ජර්මනිය කියනකොටම මතක් වෙන්නේ කවුද කියලා. අවිවාදයෙන්ම ඒ තමයි ඇඩොල්ෆ් හිට්ලර්. 2004 දී නිකුත් වුන මෙම ජර්මානු සිනමා පටයෙන් කියවෙන්නේ හිට්ල්ර්ගේ පාලනයේ කඩාවැටීම පිළිබඳව ට්‍රවුඩි ජුන්ගේ ඒ කියන්නේ ඇඩොල්ෆ් හිට්ලර්ගේ අවසන් ලේකම්වරියගේ සටහන් තමයි මේකේ ඇතුලත් වෙන්නේ. ඒ වගේම මේක තමයි හිට්ලර් පාලනය පදනම් කරගෙන බිහිවූ පළමු ජර්මානු සිනමාපටය. imdb රේටින් 8.3ක අගයක් ලබාගන්නත් මේක සමත් වෙලා තියෙනවා.ලෝකේ හොදම චිත්‍රපට අතර 112  ඉතින් ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ ෆිල්ම් එක කොහොමද කියලා.

මේකේ කතාව පටන් ගන්නේ, 1942 නොවැම්බර් මාසෙදි තරුණ කෙල්ලෝ කණ්ඩායමක් කෘර පාලකයාගේ (හිට්ලර්) මූලස්ථානයට යනවා ඔහුගේ ලේකම් තනතුර සඳහා සම්මුබ පරීක්ෂනයකට. මේකෙදි ඒ සඳහා තෝරාගන්නේ මියුනිච් වලින් ආපු අවූරුදු 22ක් වුන ට්‍රවුඩිව. නමුත් මේකේ ඉතිරිය ගලාගෙන යන්නේ 1945 ඇතිවන ජර්මන් රුසියන් යුද්දයත් සමග. මෙම සිනමා පටන් විග්‍රහ කරන්නේ හිට්ලර්ගේ පාලකයෙක් වශයෙන් කොහොමද ඔහු තීරණ ගත්තේ කියලා. ඒ වගේම මටනම් මේක බලද්දී හැඟුනේ කොතරම් කෘර පාලකයෙක් වුනත් ඔහු තුලත් සේවකයන් කෙරෙහි කරුණාවක් නොතිබුනා නෙවෙයි. ඒ වගේම ඔහුට පනටත් වඩා ආදරය කරපු මිනිසුන් පිරිසක් පවා ඉන්නවා හිට්ලර් වෙනුවෙන් තම ජීවිතය වුනත් කැප කරන්න සූදානම් වුන. හැබැයි හිට්ලර්ට ද්‍රෝහී වෙන අයටනම් කාගේ කවුරු වුනත් ඔහුගෙන් සමාවක්නම් නෑ.

යුද්ධයේ අවසන් කාලයේ ඇතිවන ගැටළු මොනවද හිට්ලර් ඒවාට කොහොම මුහුණ දේවිද ? මේ එඩිතර කෘර නායකයාව අල්ලගන්න රුසියානු හමුදාවන්ට හැකි වේවිද? ඔහුත් සමග ඉන්න හමුදා නිලධාරීන්ට මොන වගේ තත්වයන්ට මුහුණ දෙන්න වේවිද ? බලයට ඇති කෑදර කම නිසා සිදුවන පාවාදීම් මොනවද? මේ වගේ ගැටළු වලට විසඳුම් හොයාගන්නනම් ඔයාලට මේකත් අරගෙනම බලන්න වෙනවා.
කට්ටියටම එහෙනම් ජයවේවා කියලා ප්‍රර්ථනා කරනවා…..!!!

Comments