EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageED: Extra Decent (2025) | උම්මත්තකයා!
ආයුබෝවන්, ආයෙමත් ඔන්න මලයාලි උප සිරැසි වලට බැස්සා. මීට දින තුනකට කලින් නිකුත් වුන තවත් ලස්සන මලයාලි ඩාක් කොමඩියක් හැටියට මේක හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මලයාලමේම තවත් අමුතුම ප්ලොට් එකක්. මේ කතාව අතර මගදි කීප වතාවක් එහාට මෙහාට හැරෙනවා. ඒ නිසා පටන් ගත්ත හැටියට නෙමෙයි කතාව අවසන් වෙන්නෙ.
මේකෙත් ප්‍රධාන චරිතය අමුතුම චරිතයක්. එක්තරා සයිකො ඩයල් එකක්. මේ වගේ චරිත මලයාලමේ හොඳටම කරන්නෙ මෙයාට තමයි. සුරාජ් වෙන්ජාරමුඩු. ඉතිං මේකෙත් එයාගෙ දක්ෂතම රඟ පෑමක් බලා ගන්න පුළුවන්. ග්‍රේස් ඇන්තනි, ශ්‍යාම් මෝහන්, සුධීර් කරමානා සහ විනේ ප්‍රසාද් මෙහෙ අනිත් චරිත රඟ පානවා. මෙහෙ අධ්‍යක්ෂනය අමීර් පල්ලික්කාල්ගෙන්.
කතාව ටිකක් කිව්වොත් අර සයිකො ඩයල් එක තමයි බිනූ. කුඩා කල සිටම මව් පියන්ගෙ ආදරය නොලැබිලා තාත්තට බයේ හැදුනු වැඩුනු ඉතා නෝන්ජල් බියගුළු තරුණයෙක් තමයි බිනූ කියන්නෙ. සේරම ආදරේ කරන්නෙ එයාගෙ නංගිට. එයාගෙ එකම ආදරණීයයා තමයි අයියා. ඒත් පොඩි කාලෙම අනතුරකින් බිනූගෙ ඇස් ඉදිරිපිටම එයා අහිමි වෙනවා. එයාගෙ නංගි ඇමරිකාව බලා යන්නෙ ඒ අතර. ඒ එක්කම බිනූගෙ ජීවිතේ ලොකු වෙනසක් වෙනවා. ඒ සමගම කතාව උඩු යටිකුරු වෙනවා. එක වතාවක් නෙමෙයි දෙවතාවක්ම බිනූගෙ ජීවිතේ වෙනස් වෙද්දි ඒ වෙනස් කමුත් එක්ක පවුලෙ අය මුහුණ පාන අපූරු සිද්ධි සහ ඔවුන්ගෙ ක්‍රියාමාර්ග මේ චිත්‍රපටයෙන් බලා ගන්න පුළුවන්. ඉතිං ඕනෑවටත් වඩා ඩීසන්ට් වෙන්න යන මේකෙ චරිත වලට අවසානෙ මොකද වෙන්නෙ බලන්න.






