EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Eesho (2022) Sinhala Subtitles | “ගැළවුම්කරුවා” | සිංහල උපසිරැසි සමඟ

Eesho (2022) Sinhala Sub
Eesho (2022) Sinhala Subtitle
Eesho (2022) Sinhala Subtitles

 

මේ මලයාලම ගැන විස්තර කියනවා නම්, මේක IMDb මීටරේ 8.1 කට කරකවන්න වගේම ගූගල් පරිශීලක මනාප 71% ක් ලබාගන්න සමත් වුන crime/thriller කාණ්ඩයට අයත් වන විනාඩි 107 ක් පුරාවට ඇස් අහකට ගන්නෙ නැතුව බලන්න පුලුවන් සුපිරිම නිර්මාණයක්. මේ කතාවෙ ප්‍රධාන චරිතය වන ශිවාගෙ චරිතයට පන පොවන්නෙ මලයාලම් සිනමාව තුලින් නිතර දකින Jayasurya. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ Nadirshah විසින්.

මේ කතාවෙ කතා නායකයා තමයි ශිවා. තමන්ගෙ පවුල නඩත්තු කරන්න ඩුබායි ගිහින් රස්සාවක් කරන කාටවත් කරදරයක් නැති කෙනෙක් තමයි ශිවා. ශිවාගෙ දුව ශිවානි හිටි හැටියෙම තමන්ගෙ පාසලේ ගුරුවරයෙකුගෙන් අපයෝජනයට ලක් වීමත් එක්ක තමයි ශිවාගෙ කතාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නෙ.. ඒත් මේ කතාවට පාදක වෙන්නෙ වෙනත් අපයෝජන සිද්ධියක්. ඒ සිද්ධියෙදි කතා නොකරම බැරි චරිතයක් ඉන්නවා ඒ තමයි පිල්ලෙඅච්චා… පිල්ලෙඅච්චා මේ කතාවට සම්බන්ධ වෙන්නෙ කොහොමද ?.. ඇත්තටම මේ කතාවෙ ඊශෝ නැත්තම් ගැළවුම්කාරයා වෙන්නෙ කවුද ?.. මේ අපයෝජන සිද්ධි වෙනුවෙන් සාධාරණය ඉෂ්ඨ වෙයිද.. කියලා ඔයාලම බලන්නකෝ..

මේ චිත්‍රපටයේ අඩංගු බොහොම ලස්සන ළමා ගීතයක් වන Minnaminni Penne ගීතයත් උපසි‍රැසි ගන්වලා තියෙන්නෙ..

Comments