EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Enemy at the Gates (2001) | සතුරාට එරෙහිව…

2001 වසරේදී තිරගතවුණ මේ බයිස්කෝප් එක IMDB වර්ගීකරණයේ 7.5 ක අගයක් ලබාගෙන තියෙනවා ඒ වගේම මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Jean -Jacques Annaud කියන අධ්‍යක්ෂකවරයයි. ඒ වගේම මේකේ ප්‍රධාන චරිතය රගපාන්නේ Jude Law (Vassilli Zaitsev) කියන රංගන ශිල්පියයි. කථාව ගැන කෙටියෙන් කියනව නම් මෙහෙමයි. 1942 ශිත කාලයේදී රැසියානු ජාතිකයින්ට එරෙහිව ජර්මානු ජාතිකයින් සටන් වදිනවා. මේ යුද සමයේ රැසියානු හමුදාවට තරැණ සොල්දාදුවෙකු ඇතුලත් වෙනවා. ඔහුට දුර සිට ඉලක්ක වලට වෙඩි තැබීමේ හැකියාවක් තියෙනවා. මෙයා මෙයාගේ හැකියාවෙන් ගොඩක් දක්ෂතා පෙන්නනවා. මේක ජර්මානු හමුදාවට විශාල ප්‍රශ්ණයක් වෙනවා. ජර්මානු ජාතිකයින් කරන්නේ ඔවුන්ගේ විශේෂ නිලධාරියෙක්ව යවනවා මේ තරැණ සොල්දාදුවාව මරා දමන්න.

ඕක තමා මේ කථාවේ සාරාංශය. කථාව බලන්න ආස හිතෙනවනම් කථාව බාගෙන බලන්න. අනික් දේ මේකේ කතාව ඔයාල Call of Duty ගේම් එක ප්ලේ කරලා තියෙනවා නම් අන්න එකේ මේක එහෙම් පිටින්ම තියෙනවා.. එකේ ගේම් එක හදලා තියෙන්නෙත් මේකෙන්. ඉතින් අනිවා මේ බයිස්කෝප් එක නරබන කො‍ට අනිවා මතක වේවි ඔයාල ගේම් එක ගහපු තැන් ඒ විදියටම..ඉතින් අනිවා බලන්න මොකද මේක සුපිරිම එකක්..

Comments