EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

ෆ්‍රෙඩීගේ බියකරු හීනය ආයෙත් ඇවිත්!

අද මම අරන් ආවේ ඔයාලා හැමෝම මඟ බලන් හිටපු, මුළු ලෝකෙම හොල්ලපු Five Nights at Freddy’s චිත්‍රපට මාලාවේ දෙවැනි කොටසට කරපු සිංහල උපසිරැසියයි.

FNAF පළමු චිත්‍රපටය බැලුව අයට මතක ඇතිනේ මයික්ට ඒ පරණ පීසා එක ඇතුළේ වෙච්ච සෙල්ලම් ටික? හැමෝම හිතුවේ ඒක එතැනින් ඉවරයි කියලා. හැබැයි “Blumhouse” ලා අපිට ලෑස්ති කරලා තිබුණේ ඊට වඩා ලොකු සප්‍රයිස් එකක්.

මොකක්ද මේ පාර වෙන්නේ?
කතාව ගැන කිව්වොත්, පළමු චිත්‍රපටයේ සිද්ධිවලින් පස්සේ ආයෙත් අර අත්භූත රොබෝවරු ටික ඇවිස්සෙනවා. මේ පාර අපිට පරණ සෙට් එකට අමතරව අලුත් මුහුණු ටිකකුත් දැකගන්න ලැබෙනවා. ඔයාලා ගේම් එක ප්ලේ කරලා තියෙනවා නම් දන්නවා ඇති “Toy Animatronics” ගැන. මෙන්න මේ අලුත් සෙට් එකත් එක්ක මයික්ටයි එයාගේ නංගිටයි තමන්ගේ ජීවිතේ බේරගන්න කරන ලොකු සටනක් තමයි මේ චිත්‍රපටයෙන් බලාගන්න පුළුවන් වෙන්නේ. විලියම් ඇෆ්ටන්ගේ ඒ අඳුරු රහස් තව තවත් මෙතැනදී හෙළි වෙනවා.

කවුද මේකේ ඉන්නේ?
පළමු චිත්‍රපටයේ හිටපු අපේ ප්‍රධාන නළුවා Josh Hutcherson (මයික් ලෙස) මේකෙත් ඉන්නවා. ඒ වගේම Matthew Lillard (විලියම් ඇෆ්ටන්), Elizabeth Lail (වැනීසා) වගේම Piper Rubio (ඇබී) යන අයත් මේ පාර රංගනයෙන් දායක වෙනවා.

එහෙනම් ඉතින් වැඩි කතා ඕනේ නැහැ, ලයිට් නිවලා හෙඩ්ෆෝන් දෙකත් දාගෙනම මේ බියකරු අත්දැකීම විඳගන්න

Comments