EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Foe (2023) | “හැඟීම් වලට එරෙහිව තාක්ෂණය” | 18+

“ඒ 2065 වසරයි. නැවුම් ජලය සහ වාසයට සුදුසු ඉඩම් සීමිතයි. අවුරුදු ගණනාවකින් වර්ෂාව ලැබී නෑ. පාළු ගම්බද නිවසක වෙසෙන තරුණ ජෝඩුවක්, හෙන් සහ ජූනියර්”

“Foe” කියන්නේ 2023 අවුරුද්දේ කළඑළි බැහැපු Science Fiction Psychological Thriller සිනමාපටයක්. කතාවට පාදක වෙලා තියෙන්නේ මේ නමින්ම 2018 දී නිකුත් වුන පොතක්. කතාවේ ප්‍රධාන චරිත දෙක වෙන, හෙන් සහ ජූනියර් සඳහා පණ පොවන රංගන ශිල්පීන් දෙන්නම Academic Awards Nominated අය.

සුළු චරිත හැරුණාම කතාව පුරාවටම ඉන්නේ චරිත 3 යි. හැබැයි කතාව ටිකක් සංකීර්ණයි. ටෙරන්ස් කියලා කෙනෙක් මහ රෑ මේ හුදකලා ගම්බද නිවසට එනවා. එයා එන්නේ ජූනියර් ව හොයාගෙන. වාසය සඳහා අත්හදා බලමින් ඉන්න ග්‍රහලෝකයක ස්ථාපනය තුළ ජීවත් වෙන්න තෝරගෙන ඉන්න නම් ලැයිස්තුවේ ජූනියර් ගේ නමත් ඇතුළත් වෙලා තියෙනවා. ජීව විද්‍යාත්මක මානවරූපී ආදේශක කියන සංකල්පයට මේ කතාවේ වැදගත් තැනක් දීලා තියෙනවා. ඉතින් ඒ වගේ නිර්මාණයක් එක්ක කොහොමද මෙයාලගේ ජීවිතේ ගතකෙරෙන්නේ කියන එක හරි ලස්සනට මේ කතාවේ ඉදිරිපත් කරලා තියෙනවා. කලින් කීවා වගේ පොඩි සංකීර්ණ බවක් තියෙන හින්දා අවබෝධයෙන් බලන්න. හිතන්න අමාරු අවසානයකට ඔයාව එක්කගෙන යයි මේ සිනමාපටයෙන්..

 

Comments