EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Frankenstein (2025) | “ ආත්මාර්ථකාමී විද්‍යාඥ වික්ටර් ෆ්‍රැන්කන්ස්ටයින් ”

 

ෆ්‍රැන්කන්ස්ටයින් යනු 2025 දී ගිලර්මෝ ඩෙල් ටෝරෝ විසින් නිෂ්පාදනය කරන ලද, රචනය කරන ලද සහ අධ්‍යක්ෂණය කරන ලද ඇමරිකානු ගොතික් නාට්‍ය චිත්‍රපටයකි. මෙය 1818 දී මේරි ෂෙලි විසින් රචිත නවකතාව පාදක කරගනිමින් නිර්මාණය කරන ලද්දකි. මෙම චිත්‍රපටයේ ඔස්කාර් අයිසැක්, ජේකබ් එලෝර්ඩි, මියා ගොත් සහ ක්‍රිස්ටෝෆ් වෝල්ට්ස් රංගනයෙන් දායක වේ.

වික්ටර් බැරන් කෙනෙකුගේ වැඩිමහල් පුතා වෙයි.ඔහු ඔහුගේ මව හා සේවකයන් සමඟ තනියම මන්දිරයක ජීවත් වෙයි.ඔහුගේ පියා දක්ශ ශල්‍ය වෛද්‍යවරයෙකි.ඔහුගේ පියා නිවසට පැමිණෙන කාලයට ඔහුගේ කැමැත්තට වැඩ කටයුතු සිදු කරයි.ඔහුගේ මව තවත් දැරුවෙකුට උපත දීමට බලාපොරොත්තුවෙන් සිටී.

වික්ටර්ගේ පියා නිවසට පැමිණි කාලයට ඔහුට ශල්‍ය වෛදය විද්‍යාව උගන්වයි.මේ කාලයේදී මව දෙවන දරුවාට උපත දීමට යාමේදී මිය යනවා.මේ ගැන වික්ටර් ඔහුගේ දක්ශ ශල්‍ය වෛදය පියා ගැන තරහින් සිටී මව බේරා ගැනීමට නොහැකි වීම ගැන.මේ කාලයේදී ඔහු තම පියාට වඩා දක්ශ වීමට අධිශ්ඨාන කර ගනී.

ආත්මාර්ථකාමී විද්‍යාඥ වික්ටර් ෆ්‍රැන්කන්ස්ටයින් නව ජීවිතයක් නිර්මාණය කිරීමේදී ඔහුගේ බිහිසුණු නිර්මාණය ජීවයට පැමිණෙන විට භයානක ප්‍රතිවිපාක ඇති කරයි.

Comments

December 22, 2025

❤️