EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Gajaana (2025) | “ශාපලත් නිධානය ”

මේක Adventure/Comedy ගණයට තමයි අයිති වෙන්නේ. යෝගි බාබු, මොට්ටා රාජේන්ද්‍රන්, වේදිකා වගේ නළු නිළියෝ ටිකක් මේ ෆිල්ම් එකේ බලාගන්න පුළුවන්.

කතාව ගැන ටිකක් කිව්වොත්, මේක ෆැන්ටසි ටයිප් එකට යන ෆිල්ම් එකක්.

නාගමලෙයි කියලා කැලෑවක් තියෙනවා. මේ කැලේ නිධානයක් තියෙනවා කියන කට කතාවත් එක්ක, සල්ලි වලට කෑදර මිනිස්සු මේ කැලේට එනවා නිධානය අරගන්න. එහෙම එන වැඩි දෙනෙක්ට ආයෙත් පණ පිටින් බේරිලා යන එක ලේසි වෙන්නේ නෑ. එහෙම ආවත් ඒ මිනිස්සුන්ට පිස්සු හැදෙනවා. නිධානේ හැටියට මෙතන තියනවා කියන්නේ නාග මාණික්‍යක්.

හැබැයි මේ සම්බන්ධව ගොඩ දෙනෙක් නොදන්න ඉතිහාස කතාවක් තියෙනවා. ඒත් මේ කතාව ගැන යම්කිසි ප්‍රමාණයක් දන්න කොල්ලෙක්, එයාගේ තව යාළුවෝ වගයකුත් එක්ක මේ කැලේට යනවා. මේ අයට පුළුවන් වෙයිද ජීවිතේ ගලවගෙන මේ නිධානය අරගන්න?. ඉතින් මම හිතන්නේ තවත් විස්තර කරන්න අවශ්‍ය නෑ. ඉතුරු ටික එහෙනම් ඔයාලම බලන්න.

Comments