EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageGatta Kusthi (2022) | මල්ලවපොර
2022 දෙසැම්බර් 02 වනිදා නිකුත් උන මේ Tamil ෆිල්ම් එක අයත් වෙන්නෙ Sports, Action, Comedy, Drama කියන Categories වලට..මේකේ කතාව වගේම අධ්‍යක්ෂණයත් කරලා තියෙන්නේ Chella Ayyavu කියන අධ්‍යක්ෂකවරයා විසින්..මේ ෆිල්ම් එක IMDB අගයක් 6.6ක් වගේ ඉහළ අගයකුත් අරන් තියෙනවා 🥰 ප්‍රධාන චරිතය සදහා රංගනයෙන් දායක වෙන්නෙ සුපිරි දමිළ නළු Vishnu Vishal විසින්, Raatch…., FIR වගේ ෆිල්ම්ස් බලපු අය දන්නවා ඇති නේ මෙයාගේ වැඩ ගැන..ෆිල්ම් ගොඩක් කරෙත් නැති උනාට කරපු ටිකට උපරිම සාධාරණයක් කරා 💪 අනික් ප්‍රධාන චරිතය සදහා රංගනයෙන් දායක වෙන්නෙ ජනප්‍රිය නිළි Ravi Teja.. මං මේකේ ප්‍රධාන නළුවා Vishnu කියල කිව්වට වැඩිම බරක් දීල තියෙන්නේ Ravi Teja කියලා කිව්වොත් හරි..මොකද සම්පුර්ණ කතාවම යන්නෙ එයා වටා… මල්ලවපොර ක්‍රීඩාවට සම්බන්ද ෆිල්ම් එකක්.. ලස්සන කතාවක් තියෙනවා.. ආරාධනා කරනවා හැමෝටම බලන්න කියලා 😍❤️
කතාව පොඩ්ඩක් කියන්නම් 😊
කීර්ති (Ravi Teja) කියන්නේ ගමක ජිවත් වෙන හොදට ඉගෙනගන්න මල්ලවපොර ක්‍රීඩිකාවක්.. මෙයාගේ ගෙදරින් මෙයාට මනමාලයෙක් හොයන ගමන් ඉන්නේ.. හැබැයි මෙයාගේ මේ මල්ලවපොර සෙල්ලම නිසා කිසිම කෙනෙක් මෙයාව විවාහ කරගන්න කැමති නෑ..මෙයා විවාහ වෙන්නත් ටිකක් අකමැත්තෙන් ඉන්නේ මල්ලවපොර නවත්තන්න වෙයි කියලා..ගෙදරින් දාන බර බරේ නිසා මෙයා විවාහ වෙන්න හිත හදාගන්නව..😪
එතකොට අපේ වීරා (Vishnu Vishal) එයා එයාගේ මාම එක්ක තනියම හැදුන කෙනෙක්..එයා කබඩි සෙල්ලම් කරනවා. පොරට සල්ලි තියෙනවා හොදට.. කොල්ලා, කෙල්ලෙක් හොයන ගමන් ඉන්නේ බදින්න.. ඒත් මෙයාගේ තියෙන කොන්දේසි වගයක් නිසා බලන හැම කෙල්ලෙක්ම එපා කියනවා..😅 මෙයාට බදින කෙල්ලගේ කොන්ඩේ එහෙම දිගට තියෙන්න ඕන..මෙයාට වඩා අඩුවෙන් ඉගෙනගෙන තියෙන්න ඕන.. ඒවා තමයි කොන්දේසි..
ඔහොම ඉද්දි වීරගේ මාමගේ මාර්ගයෙන් මෙයාට කීර්තිව මුණගැහිලා කසාද බදිනවා.. කීර්තිගේ කොන්ඩේ කොටයි කිව්වනේ මං මුලදී.. එතකොට කොහොමද කසාදෙ වෙන්නෙ 😂 හැබැයි මෙයාල කසාද බදිනවා! ඊට පස්සේ තමයි හොද හොද සිද්දි ටික වෙන්නෙ! ඔයාලම බලන්නකෝ.. මං කිව්වේ මුල් පැය භාගේ විතරයි ඇ.. 🤗 මෙයාල දෙන්නගේ ආදර කතාවත් එක්ක, කීර්තිගේ මල්ලවපොර හීනේ හැබෑ කරගන්න පුළුවන් වෙයිද 🙄 ඔයාලම බලන්නකෝ මරු ෆයිට් ටිකකුත් තියෙනවා 💪🔥
බිරිදට විරුද්දව සැමියෙක්, ප්‍රතිවාදිය විදිහට මල්ලවපොර ක්‍රීඩා කරනවා දැකල නෑ නේද 👀 ඒකත් බලන්නකො එහෙනම් 🤭♥️
මම ශානා 😉











