EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Genius (2018) | මොළකාරයා…

මගේ කණ්ඩායමේ ඔක්කොම මැරුවා
මට කියන්න මට අලුත්
කණ්ඩායමක් දෙන්නෙ කවදද කියල.
මම මේ දැන්ම උනත් ඒ මිශන් එක
ආයෙ පටන් ගන්නම්.

ඔයාට දැන් මීටර් 30ක් වත් දුවන්න බැහැ.
ඔයා! මිශන් එකකට යන්න?

මේ උන්ඩ වලට ඕනෙම තහඩුවක් හරහා යන්න පුලුවන්.
රුසියාවෙදි මේ උන්ඩ නිපදවනවා
ඉන්දියානු රජය වෙනුවෙන්…

උන්ඩ මිලියන එකහමාරක්. ඒ ගනුදෙනුවෙන් මාසෙකට පස්සෙ මේ උන්ඩ අම්බාලා එකට දීල තියෙනවා. ඊට දවස් දහයකට පස්සෙ ඔක්කොම ගිනි අරන් විනාශ වෙනවා විදුලි කාන්දුවක් නිසා. තුවක්කු 3128ක් ගිනි අරන් විනාශ වුනා. මිනිස්සු 15 දෙනෙක් මැරුනා. මේ උන්ඩ මිලියන එකාමාර සම්පූර්නයෙන්ම විනාස වුනා. කාන්දුවකින්? වැරදීමකින්? මේ උණ්ඩ අවුරුදු එකාහාමාරකට කලින් විනාශවෙලා ගියා නම්.. මීට මාස හතකට කලින් මට වැදුනේ කොහොමද..?

1994 ජූලි 16 . මතූරා වල කෝලහාලයක් උනා.. එකෙන් මගේ අම්මා තාත්තා මැරුණා. ඒ I.S.I එකේ වැඩක් නිසා. ඒ කතාව ඇහුවට පස්සේ.. මොන පුතෙක්ටද නවතින්න පුලුවන්? මම රෝ එකට බැඳුනා. පුහුණුව ඉවර උනාට පස්සේ
ඉන්දියාවේ තියෙන I.S.I ජාලය කඩන්න පටන් ගත්තා. මට නමක් හම්බවුනා. එම්ආර්එස්! ඉන්දියාවේ I.S.I ප්‍රදාන අණදෙන්නා. රෝ එකෙන් විශේෂ කණ්ඩායමක් හදලා දුන්නා. ඒ ටොක්සි.! නාතන් රුබීනා අමන් රෝහිත් පූජා ! අපිට දුන්න සැකකාරයෝ 150,000 ලැයිස්තුව අපි 384 ක් කලා. ඒ අතර නිළදාරි කීපදෙනෙකුත් ඉන්නවා. දේශපාලකයෝ කිපදෙනෙකුත් ඉන්නවා. ශිෂ්‍යයෝ,මහාචාර්ය වරු , අපරාධකාරයෝ,ආයුධ විකුණන උන්. ඒත් මේ එම්ආර්එස් අපි හිතුවට වඩා ගොඩක් දක්ෂයි. කිසිම සාක්ෂියක් හම්බවුනේ නෑ. දවසක්.! අපිට ඔත්තුවක් ලැබුනා. අපි කණ්ඩායම ගියා ඒකට. ඒත් ඒක අවසන් වුනේ…..

2018 අගෝස්තු 14 වෙනිදා තිරගත වීම ආරම්බ කල මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ Anil Sharma. ස්තු ඔහුගේම පුතා වන Utkarsh Sharma, Ishitha Chauhan ප්‍රධාන චරිත නිරූපනය කරනවා. ඒ වගේම Nawazuddin Siddiqui, Mithun Chakraborthy, Ayesha Jhulka සහය රංගනයෙන් දායක වෙනවා. සංගීත අධ්‍යක්ශනය කරන්නෙ Himesh Reshammiya සමගින් Monty Sharma.

Comments