EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Hannibal (2001) | ආදරණීය ක්ලැරිස්

හැනිබල් ලෙක්ටර් නීතියෙන් පලා ගිහින් ප්‍රංශයේ සැඟවී සිටිනවා.මේ අතරතුරේදි FBI නියෝජිත ක්ලැරිස් ස්ටාර්ලින් වැටලීමකදී ලමයෙක්ව වඩාගෙන ඉන්න සැකකාරියකට වෙඩි තැබීම නිසා කමිටුවකට ඉදිරිපත් කරනවා. හැනිබල්ගේ ගොදුරක් වෙලා ජීවිතය බේරගත්ත ධනවතෙක් වුන මේසන් වර්ජර් තමන්ගෙ දැන හැඳුනුම් පාවිච්චි කරලා ක්ලැරිස්ව හැනිබල්ව හොයන්න යොදවනවා. පරීක්ෂණ අතරතුරේදි ක්ලැරිස්ට හැනිබල්ගෙන් ලියුමක් එනවා.එහි අන්තර්ගත සුවඳ විලවුන් මගින් ඇය දැනගන්නවා හැනිබල් ඉන්නෙ ප්‍රංශයේ කියලා.ප්‍රංශ පොලිස් නිලධාරියෙක් තමන්ගෙ විමර්ශනයකදි හැනිබල් ගැන දැනගෙන මේසන් වර්ජර්ගෙ ත්‍යාග මුදල ගන්න උත්සහ කරනවා. පොලිස් නිලධාරියාව ඝාතණය කරන හැනිබල් නැවත ඇමරිකාවට එනවා. හැබැයි හැනිබල්ව හොයාගෙන තවත් කට්ටියක් ඇමරිකාවට එනවා.

මීට වඩා කියන්න යන්නෙ නෑ.මේ අය කවුද, ක්ලැරිස්ට හැනිබල්ව අල්ලගන්න පුළුවන් වෙයිද කියලා නරඹලාම දැනගන්නකෝ

Comments

October 18, 2025

❤️