EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageHansan: Rising Dragon (2022) Sinhala Subtitles | “මුහුදු රකුසා” | සිංහල උපසිරැසි සමඟ
(Hansan: Rising Dragon (2022) Sinhala Subtitles) (Hansan: Rising Dragon (2022) Sinhala Sub)
IMDb -6.7/10
MDL-8/10
Rotten Tomatoes-63%
Google Users-94%
Released Date: 2022 Julu 27 (South Korea)
Director: Kim Han-min
Budget: : ₩31.2 billion
Box office: US$53.7 million
Languages: korean,japanese
Music : Kim Tae-seong
Distributed by: Lotte Entertainment
මේ ෆිල්ම් එක පටන් ගන්නෙ 1592 ජූනි මාසෙදි සචියොන් වල මුහුදෙ තිබ්බ සටනෙන් මාසෙකට පස්සෙ ජොසොන් වල ඉන්න යී සුන්-සින් කියන අණදෙන නිලධාරීතුමාගෙ හමුදාවට අයත් මෙකුරබුනෙ එහෙමත් නැත්නම් බොක්කයිසන් කියන නැව ජොසොන්,බුසාන් වල තියෙන ජපන් නාවික හමුදා කඳවුර විසින් පැහැර ගත්තට පස්සෙ ඒ නැව කොයි වගේ එකක්ද කියලා පරික්ශා කරලා බලන්න වකිසාකා යසුහාරු කියන නිලධාරීතුමා ජොසොන්,බුසාන් වල තියෙන ජපන් නාවික හමුදා කඳවුරට පැමිණීමත් එක්ක.
ඇත්තටම බොක්කසයින් කියලා අදහස් කරන්නෙ ජපන් මිත්‍යා විශ්වාස වලට අනුව නම් මුහුදු රකුසා කියන එකයි.මේ බොක්කසයින් එහෙමත් නැත්නම් මෙකුරබුනේ කියන නැවත් එක්ක යුද්ධ කරලා ඒ යුද්ධෙන් පැරදිලා තමන්ගෙ ජීවිතේ බේරගෙන ආපහු ආපු සමහර ජපන් හමුදාවෙ ඉන්න අය මේ නැව ගැන විස්තර කරන විදියට ඒක ඇත්තටම ගොඩක් භයානක නැවක්.ඒත් දැන් මේ නැව ජපන් නාවික හමුදා විසින් පැහැරගෙන ගිහින් තියෙන නිසා යී සුන්-සින් කියන අණදෙන නිලධාරීතුමාට ඔවුන් මේ ජපන් හමුදාවත් එක්ක ඊලඟට මුහුණ දෙන යුද්ධයට මේ බොක්කයිසන් කියන නැව පාවිච්චි කරන්න බැරි වෙන නිසා එතුමා ඒ වෙනුවට කිසිම කෙනෙක් අහලවත්,දැකලවත් නැති අළුත් යුධ උපක්‍රමයක් නිර්මාණය කරනවා.
ඉතින් අපි බලමු යී සුන්-සින් කියන අණදෙන නිලධාරීතුමාට ඔවුන් මේ ජපන් හමුදාවත් එක්ක ඊලඟට මුහුණ දෙන යුද්ධෙදි එතුමා නිර්මාණය කරන අළුත් යුධ උපක්‍රමය පාවිච්චි කරන්නෙ කොහොමද කියලා.ඒ වගේම මේ ෆිල්ම් එක අවසානයෙදි අපිට එතුමාගෙ මේ නව යුධ උපක්‍රමය කොයි තරම් දුරට සාර්ථක වෙනවද නැද්ද කියන එක ගැනත් දැන ගන්න පුළුවන්.ඒනිසා මම ඔයාල හැමෝටම කියනවා මේ ෆිල්ම් එක අවසාන වෙනකන්ම බලන්න කියලා











