EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Haseen Dillruba (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Director:Vikramjeet Dahiya, Vinil Mathew
Cast
Go Full Cast PageHaseen Dillruba (2021) | ආදරය වෙනුවෙන්… [18+]
ජ්වාලාපූර්! මට කොහෙත්ම යන්න ඕනෙ වුනේ නැති ගමනක්. ඒත් මට යන්නම සිද්ද වුනා. මොකද මම කසාද බැන්දා. පණ්ඩිත් ජී නම් ජ්වාලාපූර් වලට කැමති ඇති. ඒත් මට නම් කිසි විශේෂයක් දැනුනේ නෑ. කෝච්චියෙ පැය ගානක් ගෙව්වට පස්සෙ, රෑ වෙද්දි ජ්වාලාපූර් වලට ආවා. කෝච්චිය නවත්තද්දිම මට ඇහුනෙ මගුල් පෙරහැරක සංගීතයක්. ඒත් බැහැල බැලුවට පස්සෙයි මට තේරුනේ ඒ මාව පිලිගන්න නම් නෙවෙයි කියල. ඒත් ඉතින් මක් කරන්නද? ගෙදරට යන්න වාහනේ එනකන් පැයකට වැඩියෙ බලන් ඉන්න උනා. පලවෙනි ගමනම මහා අනෝරා වැස්සකින් මුළු නගරෙම වැහිලා ගියා.
අලුත් නගරයක්… අලුත් අය…. අලුත් සැමියෙක්… ඒ වගේම සාම්ප්‍රදායිකනැන්දම්මෙක්. (උන්දැට ඕනෙ වෙලා තියෙන්නෙ කීකරු, වැඩ දන්න ලේලියෙක් මිසක් මන් වගේ බියුටි පාලර් එකක් නෙවෙයි කියල මන් අහගත්තෙ දෙවෙනි දවසෙ උදේ.) පණ්ඩිත් ජී නම් ජ්වාලාපූර් වලට කැමති ඇති. ඒත් මට නම් කිසි විශේෂයක් දැනුනේ නෑ. ජ්වාලාපූර් වලටත් හිතෙනවා ඇති මගෙන් ඇති වැඩක් නෑ කියලා. ඒත් හෙමි හෙමිහිට මම ජ්වාලාපූර් වලට පුරුදු වුනා.
දවසක් දා…
අම්මයි තාත්තයි, මගුල් ගෙදරක ගියා. මගේ මහත්තයා, රිශූ ව ගෙදර තියලා මම පොලට ගියා. ආපහු එද්දි අපේ පාරෙ රස්තියාදු ගහන බලු රැලට මස් කෑලි ටිකක් දෙන්න ගෙදර ඉස්සරහදි නතර වුනා. එක පාරටම මහා පිපුරුම් සද්දයක් එක්ක ගිනි ජාලාවක් ඇවිලුනා. ඒ ගින්නෙන් ඉතුරු වෙලා තිබ්බෙ මගෙ මහත්තයගෙ අත විතරයි. රානි කියල මගෙ නම කොටල තිබුනු පච්චෙ තවමත් පේන්න තිබුනා. ඇත්තටම ගේ ඇතුලෙ මොකක්ද කියල දැනගන්න ඕනෙ නම් ඔයගොල්ලන්ට කතාව බලන්නම වෙනවා.
ජූලි මාසෙ දෙවෙනිදා නෙට්ෆ්ලික්ස් හරහා විකාශය වුනු චිත්‍රපටියක් තමයි මේ අරගෙන ආවෙ. Romantic, Mystery Thriller කාණ්ඩයට අයිති වෙන මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ Hasee Toh Phasee චිත්‍රපටිය අධ්‍යක්ශනය කරපු කාශ්වී නායිර්. රංගනයෙන් Taapsee Pannu, Vikrant Massey, Harshvardhan Rane සහ Aditya Srivastava දායක වෙනවා.












