CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Hellboy (2019) | මිනිස් සංහතියේ විනාශයට පැමිණි යක්ෂයා

 

පනස් වන සියවසේ යකුන් බැදගත් මයාකාරියක් ඉන්නවා නිමෝයේ කියලා. වසර 1500 කට ආතර් රජු එක්ක සටන් වැදිලා එක්ස්කැලිබර් අසිපත හමුවේ පරාජය වෙනවා. ආතර් රජු විසින් ඇයව කොටස් වලට වෙන්කරලා එන්ගල්න්තයේ තැනින් තැන කිසිවෙකුට හොයාගත නොහැකි තැන්වල වලලනවා. නිමෝයේ වසර ගානනවාක් බලාගෙන ඉන්නවා ඇයව කවුරු හරි කෙනෙක් නිදහස් කරනකම්. කොහොමෙන් හරි මෝඩ ඌරු තඩියෙක් හෙල්බෝයිගෙන් පලිගන්න දීර්ඝ කාලයක් තිස්සෙ මග බලාගෙන ග්‍රොව්ච් විසින් ඇයව නිදහස් කරනවා. ඒ හෙල්බෝයි මරලා දාන්න නිමෝයේ ගෙන් ඒකට බලය ලබා දෙන පොරොන්දුව මත. ඒ ජරමර අස්සෙ තව සිදුවිම් රාශියක් සිද්ධ වෙනවා. මම ඒ දේවල් ගැන නම් ඔයාලට කියන්න යන්නෙ නැහැ. ඔයාලම මේක බලලා ඒ දේවල් දැක බලා ගන්නකෝ. කොහෙමෙන් හරි හෙල්බෝයි ආතර් රජුගේ ලේ නෑයෙක් වෙනවා. ඒ කොහොමද කියලත් ඔයාලට මේක බලද්දි තේරුම්ගන්න පුලුවන් වේවි. මම තව දුරටත් මෙකේ ස්ටෝරිය ගැන කියන්න යන්නෙ නෑ. ඌරු තඩියට හෙල් බෝයි ගෙන් පලිගන්න පුලුවෙයිද ඒවගේම නොමෝයේගෙන් හෙල් බෝයිට මනුෂ්‍ය වර්ගයා වගේම ලෝකය ගලවා ගන්න පුලුවන් වෙයිද???. ඒ වෙනකොටත් නොමොයේ ඇයගේ දරුනු යක්ෂයින් මුදා හැරලා තියෙන්නෙ. මෙතනින් එහාට ඔයාලට බාරයි. ඒවගේම මේකට imdb දර්ශකයේ ඉහල අගයක් ලැබිලා තියෙනවා. ඒක imdb දර්ශකයේ සදහන් වෙන්නෙ 5.4 ක් ලෙස. මගෙන් අදහස මේකට මීට වඩා ඉහල හිමිවෙන්න ඕන කියලා. හෙල් බෝයිට යකුන් අරක්ගත්ත නිමෝයේගෙන් ගැලවිලා මනුශ්‍ය වර්ගයා බේරගන්න පුලුවන් වෙයිද?? ඔයාලම ඒක හොයා ගන්නකෝ.

Comments