CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2681 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Hellraiser (2022) Sinhala Subtitles

Hellraiser (2022) Sinhala Subtitles

Sep. 28, 2022United States121 Min.
Your rating: 0
9 1 vote
Hellraiser (2022) Sinhala Subtitles | ප්‍රෙහෙලිකා පෙට්ටියේ අභිරහස! [සිංහල උපසිරැසි] [18+]

Hellraiser (2022) Sinhala Sub
Hellraiser (2022) Sinhala Subtitle
Hellraiser (2022) Sinhala Subtitles

ඔන්න එහෙනම් මේ පාර අරන් ආවේ ඔක්තෝබර් 07 වෙනිදා Hulu වෙතින් නිකුත් කෙරුන Hellraiser(2022) චිත්‍රපටය. නම ඇහුවාම ගොඩක් අහල පුරුදු ඇති. මොකද මීට කලින් මේකෙ ෆිල්ම් 10ක් විතර නිකුත් වෙලා තියෙනවා. ඒත් ඒවා මේ ෆිල්ම් එකට සම්බන්ද වෙන්නෑ. මේක අළුත්ම කතාවක්, ඒත් කන්සෙප්ට් එකනම් එකමයි. මං මේක සබ් කරන්න හිතන් හිටපු එකක් නම් නෙවේ, මොකද මං මේකෙ කලින් එක ෆිල්ම් එකක්වත් බලලා නෑ. ඒත් මේ ෆිල්ම් එක මුල් විනාඩි දහය බලද්දිම ෆිල්ම් එකට හිතගියා මං ආසම ටයිප් එකේ Horror/Thriller ෆිල්ම් එකක්. ඉතින් ආයෙ දෙපාරක් නොහිතා සබ් කරන්න ඉල්ලගත්තා. ඒත් ෆිල්ම් එක බලලා ඉවර වුණාමයි වැඩේ තේරුනේ. මොකද මේකෙ ස්ටෝරි එකට කලින් ෆිල්ම් සම්බන්ද නොවුණට කන්සෙප්ට් එක එකමයි. ඉතින් මේකෙ මේ කතාවටම ආවේනික වචන තියෙනවා. ඉතින් ඒ වචන වලට තේරුම් හොයන්න වෙනම රිවීව් බර ගානක් කියවන්න වුණා. දැනට කරපු සබ් වලින් ගොඩක්ම මහන්සි වුනේ මේ සබ් එක කරන්න වෙන්න ඕනෙ. ඒකට හේතුව කලින් ෆිල්ම් නොබල හිටපු එක මං. ඒත් බය වෙන්න එපා සබ් එක කරන්න විතරයි කට්ටක් කන්න වුණේ නැත්තම් මේ ෆිල්ම් එක බලන්න කලින් ෆිල්ම් බලන්න ඕන්නෑ මේ ෆිල්ම් එක ඔයාලට තේරුම් ගන්න පුළුවන්. එහෙනම් අපි ෆිල්ම් එක පැත්තට හැරෙමුකො, මේවෙනකොට මේකට IMDb 6.2 හොඳ අගයක් සහ කුණු තක්කාලි 68% ගන්න සමත් වෙලා තියෙනවා. මේක අධ්‍යක්ශනය කරන්නේ The Night House, The Ritual වැනි චිත්‍රපට අධ්‍යක්ෂනය කරපු David Bruckner විසින්. මේකට රංගනයෙන් දායක වෙනවා Jamie Clayton (පින්හෙඩ්)/ Odessa A’zion (රයිලි)/ Drew Starkey (ට්‍රෙවර්)/ Brandon Flynn (මැට්)/ Aoife Hinds (නෝරා)/ Goran Visnjic (රෝලන්ඩ් වොයිට්)/ Adam Faison (කොලින්) ආදී අය.

එහෙනම් අපි මේ චිත්‍රපටය ගැන දැනගෙන ඉමු, මේකෙ තියෙනවා ප්‍රෙහෙලිකා පෙට්ටියක් ඒක පැති හයයි කන්ෆිගරේශන්(නිරූපන) හයයි තියෙනවා. ප්‍රෙහෙලිකා පෙට්ටියේ ඒ හයම සම්පූර්ණ කරන කෙනාට වෙනත් ලෝකෙකට යන්න මාර්ගයක් විවෘත වෙනවා, “දෙවියන් සිටින සභාවට”. අන්න එතනදි ඒ දෙවියන් කියන කෙනා ප්‍රෙහෙලිකාව සම්පූර්න කළ කෙනාට තෑග්ගක් දෙනවා, ඒව තමයි ලමෙන්ට්(ජීවිතය), ලෝර්(දැනුම), ලවුඩුරෙට්(ආදරය), ලිමිනල්(සංවේදනය), ලාසරස්(පුනර්ජීවනය), ලවායතන්(මේකෙන් මොකක්ද වෙන්නෙ කියලා ඔයාලට අන්තිමට තේරෙයි) ඔය ටිකෙන් එකක් තෝරගන්න පුළුවන්. ප්‍රෙහෙලිකාව සම්පූර්ණ කළාම ඒ තෑග්ග දෙන්න පිරිසක් එනවා, එයාලට කියන්නේ සෙනෝබයිට්වරු කියලා. සෙනෝබයිට්වරු කවුද කියන්න නම් මාත් හරියටම දන්නෑ මොකද කලින් ෆිල්ම් බලල නැති නිසා. ඒත් ඒකෙන් කතාවට බලපෑමක් වෙන්නෑ. දැනගන්න ඕනෙම කෙනෙක් ඉන්නව නම් කලින් ෆිල්ම් බලන්න. කොහොම හරි සෙනෝබයිට්වරුන්ගේ ප්‍රධානියා තමයි පින්හෙඩ් කියන්නේ නැතිනම් එයාලගේ පූජිකාව. එයා තමයි තෑග්ග දෙන්නේ. හැබැයි ඒ ප්‍රෙහෙලිකාව විසදන එක නම් ලේසි නෑ ලොකු වේදනාවක් විදින්න වෙනවා. මොකද කිව්වොත් ඒ ප්‍රෙහෙලිකා පෙට්ටිය පෝශනේ වෙන්නේ ලේ වලින්. ඒක සම්පූර්ණ කරන්න නම් ලේ දෙන්නම වෙනවා. ඒ වගේම සෙනෝබයිට්වරුත් පෝෂනය වෙන්නේ මිනිස්සුන්ට වේදනාව දීලා. එහෙනම් ඕක තමයි මේ ෆිල්ම් එක දිව යන ප්‍රෙහෙලිකා පෙට්ටියේ කතාව සහ එයින් හම්බෙන තෑගි වල කතාව.

දැං අපි කතාව පැත්තට හැරෙමු, මේක පටන් ගන්නේ රෝලන්ඩ් වොයිට් කියලා මනුස්සයෙක් ඒ ප්‍රෙහෙලිකා පෙට්ටියේ නිරූපන හයම සම්පූර්ණ කරනවා, පස්සෙ ඔහු ඔහුගේ තෑග්ග ඉල්ලා සිටිනවා. ඔන්න එතනින් ඒ කතාව ඉවරයි. ඔහු එදැයින් පස්සෙ අතුරුදහන් වෙනවා. ඊට අවුරුදු හයකට පස්සෙ තමයි අපේ ප්‍රධාන චරිතෙ පැත්තට කතාව යොමු වෙන්නේ. එයා නමින් රයිලි. එයා මතට ඇබ්බැහි වෙලා පුණරුත්තාපනේ වෙලා ඒව නවත්තපු කෙනෙක්. එයාට අයිය කෙනෙක් ඉන්නවා, එයාගෙ නම මැට්. මැට් හැමතිස්සෙම රයිලි ගැන වදවෙනවා වගේම ඇයට තදින් ඉන්න බලනවා එයාගෙම හොඳට. මෙහෙම ඉන්න කොට රයිලිට කොල්ලෙක් සෙට් වෙනවා ට්‍රෙවර් කියලා. රයිලිට රස්සාවක් නෑ එයාට දිගටම අයියට බරක් වෙලා ඉන්න බැරි නිසා ට්‍රෙවර්ගෙන් රස්සාවක් ගැන අහනවා පස්සෙ ඔහු කියනවා අතෑරල දාපු බඩු ගබඩාවක වටින බඩුවගයක් තියෙනවා ඒව හොරකම් කරමු කියලා. රයිලිත් කරන්න දෙයක් නැතිකමට වැඩේට බහිනවා වගේම වැඩේ කරනවා. ඒත් බැලින්නම් ඒ බඩු වල තියෙන්නේ අර ප්‍රෙහෙලිකා පෙට්ටිය. ඒත් ඒ පෙට්ටිය මොකක්ද කියලා මෙයාලට කිසිම අදහසක් නෑ. මේ ලේ පිපාසාවෙන් සිටින පෙට්ටිය මෙයාලව කොහොම බිලි ගනීද? රයිලි මේ පෙට්ටියට මොනව කරයිද? කොහොමද මේ පෙට්ටිය බඩුගබඩාවකට ගියේ? ඒකත් කාගෙ හරි සැලැස්මක්ද? ඒවගේම රෝලන්ඩ් වොයිට් කොහොමද එකපාරටම අතුරුදහන් වුණේ? ඒවට උත්තර ඔයාලට බලලම දැනගන්න පුළුවන්. එහෙනම් මෙතනින් එහාට කතාව මුකුත්ම කියන්නෑ, කියන එකම දේ තමා මේක පට්ටම කුතුහලේකින්, ත්‍රිල් එකකින් බලන්න පුළුවන් කතාවක් කියලා විතරයි.

ඔයාලට කතාව ගැන තවත් පැහැදිලි වෙයි මේක බැලුවහම. ඉතින් කලින් කිව්ව වගේ කලින් ෆිල්ම් නොබැලුවා කියලා මේක මගහැරගන්න එපා, සුපිරිම Horror/Thriller ෆිල්ම් එකක් බලන්න ආසයිනම් මෙන්න ෆිල්ම් එක අරන් බලන්න. ඒ වගේම මේකෙ සමහර වචන වල තේරුම් මේ ෆිල්ම් එකේදි කියවෙන්නෑ, ඒත් මං ඒවගෙ තේරුම් හොයලා සබ් එකේ දාල තියෙන්නේ. ඔයාලට හොඳට ෆිල්ම් එක තේරුම් අරන් බලන්න පුළුවන් වෙයි. එහෙනම් මං සමුගන්නවා නැවතත් ජෙෆ්‍රි ඩාමර් සීරිස් එකෙන් ඉක්මනින් හමුවෙමු. ජයවේවා!

Hellraiser (2022) Sinhala Subtitles
Hellraiser (2022) Sinhala Subtitles
Hellraiser (2022) Sinhala Subtitles
Hellraiser (2022) Sinhala Subtitles
Hellraiser (2022) Sinhala Subtitles
Hellraiser (2022) Sinhala Subtitles
Hellraiser (2022) Sinhala Subtitles
Hellraiser (2022) Sinhala Subtitles
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “Bimsara Yashan (ඔලිව)” (Baiscopelk)
IMDb 6.3 /10 8,054 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Mad Max 2 (1981) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Scarygirl (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Resident Evil: Death Island (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Legion of Super-Heroes (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dr. Dolittle 2 (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Infinite Storm (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Venom: The Last Dance (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Echo Valley (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Unhuman (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Devil (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mission: Impossible 2 (2000) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Day After Tomorrow  (2004) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published