EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageHigh Risk aka Meltdown (1995) | වැරදුණු කුරුමාණම
ඉතින් පැරණි චිත්‍රපට රසිකයන් වෙනුවෙන් අදත් අරන් ආවා අපි කවුරුත් ආදරේ කරන ජෙට් ලිගෙ තවත් පැරණි සුපිරි චිත්‍රපටයක්. ඒ තමයි 1995 ජුලි 12 දින මුලින්ම හොංකොං පුරවරයේ තිරගත වුනු High Risk. එහෙම නැත්නම් Meltdown. ඇමරිකාවේ නිකුත් වුනේ ඒ නමින්. Action, Comedy, Crime, Thriller වර්ගයන්ට අයත් වෙන අතර විනාඩි 101 ක ධාවන කාලයකින් යුක්තයි. මුල ඉඳන් අග දක්වාම ඇක්ෂන් වලින් පිරුණු පට්ට කොමඩියක්. ඇ.ඩො.මිලියන 11.4 ක බොක්ස් ඔෆීස් ආදායමකුත් උපයාගන්නට සමත්වෙලා තියෙනවා. Jet Li (කිට් ලී) සමග රංගනයෙන් දායක වෙන්නේ Chingmy Yau (හෙලන් / රිපෝටර් ), Jacky Cheung (ෆ්‍රැන්කි), Charlie Yeung (ජේසී), Kelvin Wong (ඩොක්ටර්), Billy Chow (බොන්ඩ්/ කොන්ග්) සහ Valerie Chow (ෆයි-ෆයි). මේ අතරින් Chingmy Yau [ City Hunter-1993 ] සහ Billy Chow [ Fist of Legend-1994 ] නම් ඔයාල හොඳටම දන්න දෙන්නෙක්නෙ. දකිනකොට මතක් වෙයි. මේ ෆිල්ම් එකේ අසභ්‍ය දර්ශන නැති බවත් කියන්න ඕනෙ.
කිට් ලී හමුදා බෝම්බ නිෂ්ක්‍රිය අංශයේ සාමාජිකයෙක්. ත්‍රස්තවාදී කල්ලියක්, කප්පම් ලබාගැනීමට කුඩා පාසල් ළමුන් ටිකක් ප්‍රාණ ඇපයට ගන්නවා. ඔවුන්ගෙ නායකයා ඩොක්ටර් කියල කියාගන්නා අයෙක්. ළමයිව බස් එකකට දාලා ටයිම් බෝම්බයක් හයි කරල තියෙන්නෙ. බස් එකේ කිට් ලීගෙ පුතා සමග බිරිඳත් ඉන්නවා. හොඳ දක්ෂයෙක් හදපු බෝම්බයක්. ලීට බෝම්බය සාර්ථකව නිෂ්ක්‍රිය කරන්න බැරිවෙනවා. බෝම්බය පුපුරනවා. ඔහුගේ බිරිඳ සහ පුතා මිය යනවා. ඊට පසු ලී රැකියාව අත හැරල දාලා අතුරුදහන් වෙනවා. ඔහු ආයෙ මතුවෙන්නෙ අවුරුදු දෙකකට පස්සෙ හොංකොං වලින්. ජනප්‍රිය සටන් නලුවෙක් වන ෆ්‍රැන්කිගේ බොඩිගාඩ් හැටියට. හොංකොංහී ලොකු හෝටලයක මිළ කල නොහැකි ඉතා වටිනා ඉපැරැණි රන් ආභරණ ප්‍රදර්ශනයක් පැවැත්වෙනවා. ඒකට තද ආරක්ෂාවක් යොදල තියෙන්නෙ. ප්‍රභූවරුන් 100 කට විතරයි ආරාධනා කරන්නෙ. ෆ්‍රැන්කිත් මේ අතර ඉන්නවා.එක්තරා සන්නද්ධ මංකොල්ල කණ්ඩායමක් මේ ආභරණ ටික අරගන්න, හෝටලේට ඇතුලුවෙලා, ආරක්ෂකයෝ මරලා, හෝටලෙත් බෝම්බ හයි කරලා, හෝටලේ ඉන්න සියලු දෙනාම ප්‍රාණ ඇපයට ගන්නවා. දෛවෝපගත ලෙස මේ අර මුලින් කී ඩොක්ටර්ගෙ ගැන්සියම තමයි. නමුත් ඩොක්ටර්ගෙ අරමුණ ඉස්සරහ මේ වතාවෙත් දෛවෝපගත විදිහට එක මිනිහෙක් හිටගන්නවා. ඒ තමයි කිට් ලී.
Share
Links
Comments








