EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Hitman: Agent 47 (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Aleksander Bach, Chad Stahelski, David Leitch, Zoe Simijonovic
Cast
Go Full Cast PageHitman : Agent 47 (2015) | ඔහු මනුෂ්‍යයෙක්ද, රෝබෝවෙක්ද, නැතිනම් මේ දෙකමද?
Hitman: Agent 47 තිරගතවීම ආරම්භවන්නේ 2015 අගෝස්තු 17. මේවන විට මෙම සුපිරි ක්‍රියාදාම සිනමාපටයට IMDB දර්ශකයේ 5.9ක් හිමිව තිබෙනවා.මේවනවිට ඉපයීමට සමත්ව තිබෙන මුළු ආදයම ඩොලර් මිලියන 81.9ක් ලෙස සදහන් වෙනවා.රංගනයෙන් දායක වන්නේ agent 47 ලෙස Rupert Friend, කටියා ලෙස Hannah Ware ප්‍රධාන චරිත ලෙසත් සෙසු චරිත සදහා Zachary Quinto, Thomas Kretschma, rolf kanies, ciran hinds යන අය රංගනයෙන් දායක වෙනවා.
මිනිසා විසින් වේදනාව, බිය සහ අනුකම්පාව වැනි හැගීම් කිසිවක් නැති ඝාතකයින් නිර්මාණය කරනවා. මෙහි නිර්මාතෘ වන්නේ ලිට්වින්කෝ. එසේ නිර්මාණය කල මිනිසුන් හදුන්වන්නේ නියෝජිතයින් යන නමින්. ඔවුන්ට නමක් ලෙස ලැබෙන්නේ අංකයක්. පසුව ලිට්වින්කෝ එක්වරම අතුරුදහන් වීමත් සමගම නියෝජිතයින් නිර්මාණය කිරීමේ වැඩසටහන අක්‍රිය වෙනවා. නමුත් පසුව ඩෙලරිගෝ වසර ගණනක සෙවීමකින් පසුව ලිට්වින්කෝ සොයාගැනීමට මගක් පාදා ගන්නවා. ඔහුට ලැබෙන එක් ජයාරූපයක් අනුව ඔහු තරුණියක් සෙවීමට පටන්ගන්නවා.
ඒ තරුණියගේ නම කටියා වැන් ඩිස්. ඇයව ඇල්ලීමට සින්ඩිකේට් ආයතනයෙන් යවන නියෝජිතයින්ගෙන් ඇයව ආරක්ෂා කිරීමට AGENT 47 පැමිණෙනවා. කෙසේ වෙතත් ඔහු පවසන පරිදි කටියා කියන්නෙත් ලිට්වින්කෝ විසින් නිර්මාණය කල පුද්ගලයෙක්. ඒ ගැන ඉතින් බලලම දැනගන්න. Mr.47 කටියා එක්ක එකතුවෙලා ඇයගේ පියාවන ලිට්වින්කෝ සෙවීම අරඹනවා.ඉතින් මේ ගමනේදී සින්ඩිකේට් ආයතනයේ නියෝජිතයින් එහෙම පස්සෙන් එනවා.ඉතින් අවසානයේ කටියා තම පියාව හොයාගන්නවා.එනමුත් ඔහුව සින්ඩිකේට් එකට හසුවෙනවා. 47 කටියාගේ පියා බේරාගැනීමට මෙහෙයුමක් දියත් කරනවා. නමුත් සැබවින්ම ඔහුගේ පරමාර්ථය වන්නේ එයම නෙවෙයි. ඒ මොකක්ද කියලා බලලම දැනගන්න. අවසානයේදී පුදුම හිතෙන දෙයක් ඔයාලට දකින්නත් ලැබෙයි.
එහෙනම් මම මේකියපුව හොදටම ඇති වගේ. එකදිගට ටයිප් කරලා වෙහෙස නිසා ලිපිය පොඩ්ඩක් විතර අවුල් වගේ. ලිපිය ගැන හිතන්නේ නැතුව ෆිලුම බාගන්න. සුපිරිම ක්‍රියාදාම චිත්‍රපටයක්. කතා කරන ප්‍රමාණයට වඩා ක්‍රියාදාම තමයි වැඩි. එහෙනම් හැමෝටම බාගන්න කියලා ආරාධනා කරන ගමන් මම සමුගන්නවා.












