EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Homestay (2018) | ආත්මීය සිහිනය හෙවත් අනුන්ගේ ගෙදර

වැරදිල හරි මැරිච්ච මනුස්සයෙකුට පණ ආවොත් කොහොමද… නෑ නෑ මෙහෙම ගමුකො ඔයාට වෙන කෙනෙක්ගෙ ජීවිතේක ජීවත් වෙන්න වුණොත්..

අපි දැන් චිත්‍රපටිය පැත්තට යමුකො. මූලිකව ඉතිං මේකට imbd 7.5 අගයක් හිමිවෙලා තියෙනවා. එතකොට අධ්‍යක්ෂක නිෂ්පාදක නළු නිළි සෙට් එක චූන් පාන් වගේ නම් ටිකක් තියෙන්නෙ මට කියවගන්නත් බෑ මේක තායිලන්ත චිත්‍රපටයක් නිසා. ඒව වැඩක් නෑ.. තායිලන්ත චිත්‍රපටිකරුවො හරි දක්ෂයි අමුතුම සංකල්පවලින් අතත්‍ය යථාර්ථයක් හදන්න.

මින් නැත්තම් ටැරඩොන් චන්ද්‍රසේන් (චන්ද්‍රසේන නෙමේ ඈ😂) සියදිවි හානි කරගෙන මැරෙනවා. ඊට පස්සෙ මේ බොඩි එක මෝචරියෙ තියෙද්දි පණ එනවා. ඒ පණ එනකොට මේකෙ ඉන්නෙ මින් නෙමේ වෙන ආත්මයක්. මේ ආත්මයට දින සීයක් දෙනවා, ඒ දින සීය ඇතුලත රහස් පරීක්ෂක ඩියුටියක් ලැබෙනවා. ඒ තමයි මින් සියදිවි හානිකරගත්තෙ කවුරු නිසාද කියල හොයාගන්න එක

උත්තරේ දෙන්න පුලුවනුත් එකපාරයි.
තව කොන්දේසි කීපෙකුත් තියෙනවා.

මෙයා උත්තරේ දේවිද, ඒ කාලෙදි මොනා වේවිද…

හෝම්ස්ටේ කියන්නෙ තාවකාලිකව දින කීපයකට අනුන්ගේ නිවසක් තමන්ගේ වගේ පරිහරණය කරන එක.

එහෙනම් ෆිල්ම් එක බලලම කමෙන්‍ට් එකක් දෙන්නකෝ.

Comments