EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageHousefull 5 (2025) | ”පවුම් බිලියන 69 ක උරුමක්කාරයා”
2025 වසරේ ජුනි 6 වෙනිදා ඉදලා තිරගත වීම ආරම්භ කල Housefull 5 කියන්නේ ඉන්දියානු හින්දි භාෂාවෙන් නිර්මාණය කරන comedy thriller ෆිල්ම් එකක්. ඉන්දියන් කෝටි 240ක වගේ විශාල බජට් එකකින් නිර්මාණය කල මේ ෆිල්ම් එක මේ වෙනකොට සාර්ථකව තිරගත වෙමින් තියෙනවා. ඉතින් තිරගත වුන දිනයේම නිකුත් වුන HDTC කැම් පිටපතකට තමයි උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ, මේ ෆිල්ම් එකේ Housefull 5A සහ Housefull 5B කියලා වර්ෂන් දෙකක් තිරගත වෙලා තියෙනවා.. අපි උපසිරැසි දීලා තියෙන්නෙ Housefull 5A කියන වර්ෂන් එකට.. සම්පූර්ණයෙන්ම අසා ලිවීමක් කරලා අරගෙන ආව උපසිරැසියක් නිසා සමහරවිට පොඩි පොඩි අඩුපාඩු ටිකක් තියෙන්න පුළුවන්.. ඉතින්, හදිස්සිකාරයින්ට මේ කොපිය බලන්න කියලා ආරාධනා කරනවා.. එහෙම නැත්නම් ඔරිජිනල් එනකන් ඉවසලා ඉන්න කියලත් මතක් කරනවා.
ෆිල්ම් එක ගැන කියනවනම්.. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Tarun Mansukhani විසින්. නිෂ්පාදනය කරලා තියෙන්නේ Sajid Nadiadwala, Warda Nadiadwala සහ Firuzi Khan විසින් Nadiadwala Grandson Entertainment යන සමාගම යටතේ. මේ වතාවේ ෆිල්ම් එකට අති විශාල නළු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා..
මේක තමා Housefull franchise එකේ පස්වෙනි ෆිල්ම් එක. ඉතින් මීටකලින් ෆිල්ම් 4ක් නිකුත් වෙලා තියෙනවා. ඒ කොහොමවුනත්, ඔයාලා කලින් ෆිල්ම් 4 බලලා නැති වුනත් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ, මොකද මේවා අතරෙ ලොකු සම්බන්ධයක් නැති නිසා. ෆිල්ම් එකේ කතාව ගැනනම් මම මොනවත් කියන්න යන්නෙ නෑ කොහෙන් පටන්ගත්තත් ස්පොයිල් වෙන සීන් එකක් තියෙන නිසා.. ඒ නිසා ඔයාලටම බලන්න කියලා ආරාධනා කරනවා. Housefull franchise එකට ආස කරන අය අනිවාර්යයෙන්ම නරඹන්න කියලත් ආරාධනා කරනවා!
- Housefull (2010)
- Housefull 2 (2012)
- Housefull 3 (2016)
- Housefull 4 (2019)
- Housefull 5 (2025)










