EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Hridayapoorvam (2025) | හදවත් ලාභියා

 

මේ කතාව ගැන කිව්වොත් ඒකෙ ප්‍රධාන චරිතය සන්දීප් කියන්නෙ අළුත් හදවතක් බද්ධ කල මැදිවියේ අවිවාහක පුද්ගලයෙක්. මේ හදවත බද්ධ කිරීමත් සමගම ඔහුගෙ ජීවිතේ පුරුදු විදිහටම ගලා ගෙන යයිද? නැත්නම් ඔහුගෙ ජීවිතය වෙනස් අතකට හැරෙයිද? එහෙම හදවතක් බද්ධ කලාට ඔහුට ඒ බද්ධ කල පුද්ගලයාගෙ ගතිගුණ සිතුවිලි ආශාවල් ලැබෙනවද? කතාවට කියන්නෙ සේරම තියෙන්නෙ හදවතේ කියලනෙ? ඔහුට හදවත පරිත්‍යාග කල මිය ගිය පුද්ගලයගෙත් පවුලක් තියෙනවා ඔවුන්ගෙත් කතාවක් තියෙනවා ඉතින් අපේ කතා නායකයා ඒ පවුලේ කතන්දරයට මැදි වෙයිද?

මෝහන් ලාල් සමග මෙහි රඟපාන ප්‍රධාන නිළිය මලවිකා මෙනන්. ඊට අමතරව යොවුන් නළු සංගීත් ප්‍රතාප් (ප්‍රේමාලු) සංගීතා මාධවන් නායර්, සිද්දික්, අල්තාෆ් සලීම් මෙන්ම කැමියෝ එකකින් බැසිල් ජෝශප්ද මෙහි දැක ගන්න පුළුවන්.

ඉතින් මේක ටිකක් දිග ඒත් කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් ලස්සන චිත්‍රපටියක්.

Comments