CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3073 Views

  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Iddari Lokam Okate (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Iddari Lokam Okate (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dec. 25, 2019India126 Min.
Your rating: 0
7.5 4 votes
Iddari Lokam Okate (2019) | දෙදෙනාගේම ලෝකය එකකි…

2019 දෙසැම්බර් 25 නිකුත් වුනු Romantic Drama ගණයට අයත් තෙලුගු චිත්‍රපටියක් තමයි මේ දිග හැර දක්වන්නේ. G.R. Krishna තමයි මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. මේ එතුමන්ගේ අතින් අධ්‍යක්ෂණය වන දෙවැනි චිත්‍රපටිය. මේක Love Likes Coincidences කියන තුර්කි චිත්‍රපටයේ Remake එකක් කියලා තමයි සඳහන් වෙන්නේ. චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ Sri Venkateswara Creations නාමය යටතේ ලඟදි යුග දිවියට පිවිසි දිල් රාජු මහත්තයා විසින්. චිත්‍රපටියේ ප්‍රධාන චරිත නිරුපනය කරන්නේ Kumari 21F (2015), Lover (2018) වගේ චිත්‍රපටි වල ප්‍රධාන නළුවා ලෙසින් රංගනයේ යෙදුනු Raj Tarun විසින් සහ Arjun Reddy (2017) සමගින් සිනමාවට පිවිස Mahanat (2018), 118 (2019), 100% Kadhal (2019) වගේ සිනමාපටයන්හි රංගනයෙන් දායක වුනු Shalini Pandey විසින්. මීට අමතරව Master Bharath, Raja Chembolu, Nassar, Rohini වැනි රංගන ශිල්පීන්ද මෙහි සහය චරිත වලින් අපට දැකගන්නට පුළුවන්.

කතාව ගැන කියනවනම් හරිම සංවේදී ආදර කතාවක් මත තමයි මේ චිත්‍රපටිය ගොඩනැගිලා තියෙන්නේ. පුංචි කාලේ ඉඳන් හිතේ මුල් දරන ආදරය, කුඩා කල සිට හිතේ එක් රැස් වන මතකයන්, දෙදෙනෙක්ගේ ඉරණම ලියවිලා තියෙන ආකාරය සහ එය සොබාවධර්මය සමග සමාන්තරව ගලායන ආකාරය, ජීවිතයේ අවිනිශ්චිත බව, විස්වාසය, ආදරයේ ගැඹුර, ජීවිතයේදී සිදුවන අදහාගත නොහැකි වෙනස්කම් වගේ මේ හැමදෙයක්ම මේ චිත්‍රපටිය බලාගෙන යද්දී ඔයාලට දකින්න ලැබේවි. මොහොතකට මෙය ඔබව කුඩාකලටද අරගෙන යාවි. ටිකක් වෙනස්, ඒත් කම්මැලි නැතුව බලන්න පුළුවන් බොහොම සංවේදී අවසානයක් සහිත මේ ආදර කතාව අරගෙන බලන්න කියල මෙයින් ඔබට ආරාධනා කර සිටිනවා. Greatandhra.කොම් වෙතින් මේ සඳහා 2/5 ක මනාපයක් සහිත විවරණයක්ද, IndiaGlitz වෙතින් 2.3/5 ක මනාපයක් සහිත විවරණයක්ද, IMDB දර්ශකයේ 5.6/10 ක අගයක්ද මේ වෙනුවෙන් පෙන්නුම් කර තිබෙනවා.

Iddari Lokam Okate (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර (Baiscopelk)
IMDb 5.4 /10 164 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Saaho (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Illang: The Wolf Brigade (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Drifting Home (2021) Sinhala Subtitles
Member Rameshan 9am Ward (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Amaram Akhilam Prema (2020) Sinhala Subtitles
Raksha Bandhan (2022) Sinhala Subtitles
Rab Ne Bana Di Jodi (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
A Million Miles Away (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vil Ambu (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Itlu Maredumilli Prajaneekam (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Attention Please (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
CJ7 (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published